කණ්ඩායම් අඩු වෙයි; වෙළඳසේවා ක්‍රිකට්වලට දින වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2021

232

28 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන අතර එම සම්පූර්ණ තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිංගර් ආයතනයයි.

ඊට අමතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මැයි මස 8 වැනිදායින් පසුව ආරම්භ වීමට නියමිතයි.

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගී වූ අතර එම තරගාවලියේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට LB Finance – A කණ්ඩායම සමත් වුනා. එසේම Hayleys -A කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් වෙළඳ ආයතන රැසකගේ මූල්‍යමය තත්වය යහපත් මට්ටමක නොමැති නිසාවෙන් ගියවර තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් රැසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.

වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<