Kohliගේ ඔටුන්න Azam ගලවයි

193

පාකිස්තාන ක්‍රිකට් නායක Babar Azam, ICC එක්දින ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ 2017 ඔක්තෝබර් මාසයට පසුව පළමු වතාවට ඉන්දීය නායක Virat Kohli හට පළමු ස්ථානය අහිමි කරමිනුයි. 

Azam මේ වන විට Kohliට වඩා ප්‍රසාද ලකුණු 8ක් ලබා මුළු ප්‍රසාද ලකුණු 865ක් හිමි කරගෙන සිටිනවා. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ දී Azam ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වුනා. පළමු එක්දින තරගයේ දී ඔහු ලකුණු 103ක්, දෙවැනි තරගයේ දී ලකුණු 32ක් හා තෙවැනි තරගයේ දී ලකුණු 94ක් රැස්කර ගත්තේ ශ්‍රේණිගත කිරීම්වල Kohli පසු කර යමිනුයි.

Zaheer Abbas, Javed Miandad හා Mohammad Yousufගෙන් පසුව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූ පාකිස්තාන පිතිකරුවා වන්නේ Babar Azam වීම විශේෂත්වයක්. “මට බොහොම ගෞරවයක් Zaheer Abbas, Javed Miandad හා Mohammad Yousuf වැනි විශිෂ්ටයින් අතරට එකතු වන්නට ලැබීම පිළිබඳව.” 

තවත් ක්‍රිකට් පුවත්:

“මේක මගේ ක්‍රීඩා ජීවිතයේ තවත් සංධිස්ථානයක්. මේ ස්ථානයේ රැඳී සිටින්නට නම් මට දැන් තවත් මහන්සි වෙන්න වෙනවා. අඛණ්ඩ දක්ෂතා අතරට පිවිසෙන්න වෙනවා Sir Vivian Richards 1984 සිට 1988 වසරේ ඔක්තෝබර් දක්වා කළා වගේ, Kohli දින 1258ක් රැඳී සිටියා වගේ.”

“මම මීට කලින් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලත් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නමුත් මගේ ඉලක්කය තම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට එන එක. ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවය හොඳින්ම පෙනෙන මිම්මක් එය. විශිෂ්ට කණ්ඩායම්වලට එරෙහිව අඛණ්ඩව දක්ෂතා දක්වන්න සිදු වෙනවා.”

“මගේ කණ්ඩායමේ හා පුහුණුකරුවන්ගේ උදව්වත් සමඟ මම මේ ඉලක්කය සපුරා ගන්නට උත්සහ කරනවා. ඒ වුනත් මම මේ මොහොත ගොඩක් අගය කරනවා. එක්දින කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් මාස 18කට පසුව මේ ඉලක්කය සපුරා ගන්නට ගැනීම ගැන සතුටුයි. මගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාවේ දී එක්දින තරගාවලි දෙකක් ජය ගත් පළමු ආසියාතික කණ්ඩායම බවට පත් වන්නට පාකිස්තානය සමත් වුනා.”

දකුණු අප්‍රිකාවේ දී ඉතා ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ Fakhar Zaman ද ICC එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 19 වැනි ස්ථානයේ සිට ස්ථාන හතක ඉහළට පැමිණීමට සමත්ව සිටිනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<