ඉන්දියාවෙන් ආසාදිතයෝ 1,69,000 ක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 12, 2021

ඉන්දියාවෙන් ආසාදිතයෝ 1,69,000 ක්

ඉන්දියාවේ දෛනික කොරෝනා වයිරස ආසාදිතයන් ගණන අද (12) 1,69,000 පසු කළේය. ඉන්දියාවේ දෛනික ආසාදිතයන් 1,69,000 පසු කළ පළමු අවස්ථාව මෙයයි. 

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන් 1,69912 ක් යැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන කෝටි 1.35 පසු කළේය. 

‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන කෝටි 1.35 පසු කිරීමත් සමඟ ඉන්දියාව කොරෝනා ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයට පත් විය.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවේ කොරෝනා මරණ 904 ක් වාර්තා වූ අතර, සමස්ත මරණ 1,70,179 පසු කළේය. ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයෙනි. 

ගතවුණු පැය 24 ඇතුළත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 63,294 කි. ගතවුණු පැය 24 ඇතුළත මරණ වාර්තා වී ඇත්තේ 349 ක් ලෙසය.

ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් මහාරාෂ්ට ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවේ දෙවැනියට ආසාදිතයන් වාර්තා වන්නේ කේරළයෙනි. තෙවැනියට සහ සිවුවැනියට ආසාදිතයන් වාර්තා වන්නේ කර්ණාටක ප්‍රාන්තයෙන් සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙනි.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom