තිසර සහ හිමාෂ යුද හමුදාව අපරාජිතව දෙවන වටයට රැගෙන යයි

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

916

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයන් අද (05) දින දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා

අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට තීරණාත්මක තරගයක් වූ CCC කණ්ඩායම සමඟින් පැවති තරගය ලකුණු 108කින් ජය ගනිමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.  

අගනා ඉනිමක් ක්‍රීඩා කළ යුද හමුදා ක්‍රීඩක හිමාෂ ලියනගේ ලකුණු 92ක් රැස්කිරීමට සමත් වූ අතර තරගාවලියේ නොකඩවා සිව්වන අර්ධ ශතකය රැස්කළ තිසර පෙරේරා ලකුණු 67යි. 

සමීර සඳමල් (83) සහ කේෂාන් වන්නිආරච්චිගේ (80) අගනා අර්ධ ශතකයන් නිසාවෙන් පොලිස් ක්‍රීඩකයන් පරදවා ලකුණු 101ක ජයක් ලැබීමට Kurunegala Youth ක්‍රීඩකයන්ට හැකි වුනා. 

BRC සහ බදුරලිය කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු නවයක පහසු ජයක් ලැබීමට බදුරලිය ක්‍රීඩකයන් සමත් වුනා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි ලකුණු 96 ක් රැස්කළා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:  

මීට අමතරව Moors, Saracens සහ Bloomfield කණ්ඩායම් අද දිනයේ ජයග්‍රහණයන් වාර්තා කරගැනීමට සමත් වුනා. 

මූලික වටයේ තරග අද (05) දින අවසන් වූ අතර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බදුරලිය, මුවර්ස්, රාගම, යුද හමුදා, නාවික හමුදා, NCC, SSC සහ Tamil Union යන කණ්ඩායම් සමත් වුනා. 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 07 වනදා (බදාදා) පැවැත්වීමට නියමිත වේ. 

දිනයේ කෙටි ලකුණු සටහන

Group – A 

  • Venue – Bloomfield Ground, Colombo  
  • Toss – Bloomfield C & AC 

Bloomfield C & AC – 331/5 (50): නිපුන් හග්ගල්ල 81, හර්ෂ විතාන 62*, කසුන් ඒකනායක 59, සචින් ජයවර්ධන 57, මිෂේන් සිල්වා 48, ඉමේෂ් මධුශංක 2/42, මෙතූෂාන් තිලිණ 2/49. 

Kandy Customs Sports Club – 171 (34.3): සම්පත් පෙරේරා 66, ශෙහාන් වීරසිංහ 28, හසිත නිර්මාල් 21, දිලීප ජයලත් 3/05, ගයාන් සිරිසෝම 3/40. 

Bloomfield කණ්ඩායමට ලකුණු 160 ක ජයක් හිමිවුනා. 

Group – D 

  • Venue – Welagedara Stadium, Kurunegala 
  • Toss – KYCC 

Kurunegala Youth CC – 327/6 (50): සමීර සඳමල් 83, කේෂාන් වන්නිආරච්චී 80, ධනුෂ්ක ධර්මසිරි 45, දුලාජ් රණතුංග 34, ළහිරු ජයරත්න 32*, ගයාන් මනීෂාන් 29, සුජාන් මයුර 2/55. 

Police cricket Club – 226 (43.2): මධුරංග ද සොයිසා 46, සුපුන් මධුශංක 40, සුජාන් මයුර 34, පූර්ණ සිල්වා 20*, ලක්ෂාන් රොද්‍රිගෝ 26, ගිහාන් අන්ජන 3/40, රංදීර රණසිංහ 2/22, නිම්සර අතරගල්ල 2/41, සමීර සඳමල් 2/60. 

Kurunegala කණ්ඩායමට ලකුණු 101ක ජයක් හිමිවුනා. 

Group – A 

  • Venue – CCC Ground, Colombo 
  • Toss – CCC 

Army Cricket Club – 286/8 (50): හිමාෂ ලියනගේ 92, තිසර පෙරේරා 67, අසේල ගුණරත්න 32, සමිත දිල්ෂාන් 21, දුෂාන් විමුක්ති 21, ප්‍රියන්ත රත්නායක 20, ළහිරු ගමගේ 2/35. 

Colombo Cricket Club – 178 (39.5): අශාන් ප්‍රියන්ජන් 57, කුසල් මෙන්ඩිස් 43, සීක්කුගේ ප්‍රසන්න 3/33, සුමින්ද ලක්ෂාන් 3/50, මහීෂ් තීක්ෂණ 2/37, දුෂාන් විමුක්ති 2/40. 

යුද හමුදා කණ්ඩායමට ලකුණු 108ක ජයක් හිමිවුනා. 

Group – D 

  • Venue – Colts Ground, Colombo 
  • Toss – Saracens SC 

Saracens Sports Club – 205/7 (50): ප්‍රමෝද් මධුවන්ත 82*, හෂාන් දුමින්ද 44, චරිත කුමාරසිංහ 29, හර්ෂ රාජපක්ෂ 2/33, කවිශ්ක අංජුල 2/39. 

Colombo Colts CC – 188 (45.3): ජෙහාන් ඩැනියල් 59, කුසල් පෙරේරා 32, විෂාද් රංදික 32, උදිත් මධුෂාන් 2/30, චමින්ද බණ්ඩාර 2/36. 

Saracens කණ්ඩායමට ලකුණු 17ක ජයක් හිමිවුනා. 

Group – A 

  • Venue – Surrey Village Ground, Maggona 
  • Toss – Badureliya CC 

Burgher Recreation Club – 169 (50): ලියෝ ෆ්රැන්සිස්කෝ 50, ශශීන් ප්‍රනාන්දු 32, සවින් ගුණසේකර 26, නිසල් ෆ්රැන්සිස්කෝ 21, බුද්ධික සංජීව 2/13, චාමිකර එදිරිසිංහ 2/22, ගමිදු කනිෂ්ක 2/36, අසංක සිල්වා 2/43. 

Badureliya Cricket Club – 172/1 (47.3): සඳුන් වීරක්කොඩි 96, තිලකරත්න සම්පත් 63*. 

බදුරඑළිය කණ්ඩායමට කඩුලු 9ක ජයක් හිමිවුනා. 

Group – D 

  • Venue – NCC Ground, Colombo  
  • Toss – Sebastianites C & AC 

Moors Sports Club – 236/9 (50): කවිඳු කුලසේකර 75, මොහොමඩ් ශමාස් 44, සචිත්‍ර සේරසිංහ 36, පබසර වඩුගේ 31, මතීෂ පෙරේරා 3/41, හසන්ත ප්‍රනාන්දු 2/31, රවීන් සේයර් 2/44. 

Sebastianites C & AC – 209 (46.3): සමීන් කන්දරආරච්චී 59, චමල් පෙරේරා 49, මතීෂ පෙරේරා 28, විහාන් ගුණසේකර 27, ඩිලේෂ් ගුණරත්න 3/16, ජීවන් මෙන්ඩිස් 2/32, ධනුෂ්ක මධුශංක 2/38. 

Moors කණ්ඩායමට ලකුණු 27ක ජයක් හිමිවුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<