දවස අවසානයේ ශතක 9ක්; වනිඳු සහ අසෙල් පන්දුවෙන් දස්කම් අතරට

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

2684

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා. 

පෙර තරගයේ සිදු වූ පසුබෑමෙන් පසුව CCC නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලබා ගත් වේගවත් අර්ධ ශතකය (81*) නිසාවෙන් ගුවන් හමුදා කණ්ඩායම පරදවා කඩුලු 8ක පහසු ජයක් ලබා ගන්නට CCC ක්‍රීඩකයන් සමත් වුනා.

පන්දු යැවීමේ දී CCC ක්‍රීඩක වනිඳු හසරංහ ලකුණු 38කට කඩුලු 5ක් සහ ළහිරු මධුශංක ලකුණු 23කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. 

අවසන් පන්දුවාරය දක්වා පැවති තියුණු සටනකින් පසු BRC ක්‍රීඩකයන් එක් කඩුල්ලකින් පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගන්නට Kandy Customs ක්‍රීඩකයන් සමත් වුනා.

බදුරලිය සමඟ පැවති තරගයේ දී Bloomfield ක්‍රීඩක නිපුන් හග්ගල්ල අගනා ලකුණු 151ක් රැස් කිරීමට සමත් වූ නමුත් ගමිඳු කවිශ්ක (77*), තිලකරත්න සම්පත් (66), මිලින්ද සිරිවර්ධන (59) සහ ඩිල්ෂාන් ද සොයිසාගේ (55*) පිතිකරණ දස්කම් නිසා තරගය කඩුලු 6කින් ජය ගැනීමට බදුරලිය ක්‍රීඩකයන් සමත් වුනා.

ලසිත් කෲස්පුල්ලේගේ පිතිකරණය (119) සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් (110 & 2/05) පානදුර ක්‍රීඩකයන් පරදා ලකුණු 164ක ජයක් ලබා ගන්නට Chilwa Marians සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:  

චතුරංග ද සිල්වා (118*), ඇන්ජලෝ පෙරේරාගේ (106) අගනා ශතක සහ චාමික කරුණාරත්නගේ පන්දු යැවීම නිසාවෙන් 4/28 Tamil Union කණ්ඩායම පරදවා ලකුණු 34ක ජයක් ලබා ගන්නට NCC ක්‍රීඩකයන්ට හැකි වුනා.

Colts කණ්ඩායම පරදා කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට SSC ක්‍රීඩකයන්ට හැකි වුනා. SSC වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු 132 සහ නායක චරිත් අසලංක 101* ශතක රැස්කළා.

පිතිකරුවන්ට වැඩි ගෞරව අත්වූ දිනයක් වූ අද දිනයේ ශතක නවයක් වාර්තා වී තිබුණා.

දිනයේ කෙටි ලකුණු සටහන, 

Group – A

  • Venue – BRC Ground, Colombo
  • Toss – BRC

Burgher Recreation Club – 192 (49.1): ශෂීන් ප්‍රනාන්දු 55, නිසල් ෆ්‍රැන්සිස්කෝ 42, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, උමේග චතුරංග 3/25, ශෙහාන් වීරසිංහ 2/23

Kandy Customs Sports Club – 193/3 (49.3): විශ්ව විජයරත්න 3/25, අකීල් ඉන්හාම් 31, සම්පත් පෙරේරා 22*, ලසිත් ලක්ෂාන් 3/40, ළහිරු සමරකෝන් 2/28, දුෂාන් හේමන්ත 2/51

Kandy Customs කණ්ඩායමට කඩුල්ලක ජයක් 

Group – B

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Panadura SC

Chilaw Marians CC – 320/8 (50): ලසිත් කෲස්පුල්ලේ 119, කමිඳු මෙන්ඩිස් 110, රුමේෂ් බුද්ධික 27, නිමේෂ් විමුක්ති 4/63, කෝසල රවිඳු 2/71 

Panadura Cricket Club – 156 (43.3): සනෝජ් දර්ශික 51*, හෂාන් චාමර් 30, කෝෂාන් ධනුෂ්ක 30, පුලින තරංග 3/21, කමිඳු මෙන්ඩිස් 2/05, තික්ෂිල ද සිල්වා 2/32

Chilwa Marians කණ්ඩායමට ලකුණු 164ක ජයක් 

Group – C

  • Venue – NCC Ground, Colombo
  • Toss – Tamil Union C & AC

Nondescripts Cricket Club – 299/5 (50): චතුරංග ද සිල්වා 118*, ඇන්ජලෝ පෙරේරා 106, කවීන් බණ්ඩාර 33, කමිල් මිෂාර 20, නුවන් ප්‍රදීප් 2/50

Tamil Union C & AC – 262/8 (50): රවිඳු ප්‍රනාන්දු 71, සචිඳු කොළඹගේ 61*, සදීර සමරවික්‍රම 41, දමිත් පෙරේරා 26, ශිරාන් ප්‍රනාන්දු 21*, චාමික කරුණාරත්න 4/28, යුගීෂ ඩිල්ෂාන් 2/25

NCC කණ්ඩායමට ලකුණු 34ක ජයක් 

Group – D

  • Venue – Police Park, Colombo
  • Toss – Sebastianites C & AC

Sebastianites C & AC – 255 (50): මනිල්කර් ද සිල්වා 72, සමීන් කන්දරආරච්චී 65, සුචිර පරන්තල 28, අසෙල් සිගේරා 5/34, කනගරතිනම් කබිල්රාජ් 3/59

Police Sports Club – 258/6 (48): සුපුන් මධුශංක 65, මලිත් ද සිල්වා 63, දුලාෂ් උදයංග 45*, අසෙල් සිගේරා 22, චතුර රංදුණු 3/56, මතීෂ පෙරේරා 2/29

පොලිස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් 

Group – A

  • Venue – Bloomfield Ground, Colombo
  • Toss – Badureliya CC

Bloomfield C & AC – 289/9 (50): නිපුන් හග්ගල්ල 151, හර්ෂ විතාන 60, කසුන් ඒකනායක 26, බුද්ධික සංජීව 4/44, අලංකාර අසංක ද සිල්වා 2/61, රුචිර කෝෂිත 2/64

Badureliya Cricket Club – 292/4 (47.3): ගමිඳු කනිෂ්ක 77*, තිලකරත්න සම්පත් 66, මිලින්ද සිරිවර්ධන 59, ඩිල්ෂාන් ද සොයිසා 55*, මිෂේන් සිල්වා 2/51

බදුරලිය කණ්ඩායමට කඩුලු 6ක ජයක් 

Group – B

  • Venue – Navy Ground, Welisara
  • Toss – Navy Sc

Lankan Cricket Club – 142 (46): ගීත් කුමාර 72, කේෂාන් විජයරත්න 23, චානක රුවන්සිරි 3/26, ඩිලන්ක 3/33, බුද්ධික මධුශාන් 2/32

Navy Sports Club – 143/5 (20.3): චානක රුවන්සිරි 45*, තුෂාර සමරකෝන් 42, තරූෂාන් ඉද්දමල්ගොඩ 22*, කේශාන් විජයරත්න 2/33

නාවික හමුදා කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

Group – C

  • Venue – SLAOC Intl Cricket Stadium, Dombagoda
  • Toss – Ace Capital CC

Nugegoda Sports & Welfare Club- 143 (34.1): උමේෂ් කරුණාරත්න 47, ප්‍රමුද් හෙට්ටිවත්ත 24, මාලිංග මාලිගස්පේ 21, චානක කොමසුරු 3/12, රශ්මික මෙවන් 2/46

Ace Capital Cricket Club – 104 (29.2): ඉරෝෂ් සමරසූරිය 37, උමේෂ් කරුණාරත්න 4/28, නවීන් කවිකාර 3/23, සිතුම් දිසානායක 2/36

Nugegoda S & WC කණ්ඩායමට ලකුණු 39ක ජයක් 

Group – D

  • Venue –SSC Ground, Colombo
  • Toss – Colts CC

Colombo Colts Cricket Club – 278/7 (50): ප්‍රියමාල් පෙරේරා 101*, ධනංජය ලක්ෂාන් 77, සංගීත් කුරේ 35, කළණ පෙරේරා 4/50, හිමේෂ් රත්නායක 2/62

Sinhalese Sports Club – 279/2 (38.4): අවිශ්ක ප්‍රනාන්දු 132, චරිත් අසලංක 101*, ධනුෂ්ක ගුණතිලක 32

SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

Group – A

  • Venue – CCC Ground, Colombo
  • Toss – CCC

Air Force Sports Club – 154 (43.5): කළණ විජේසිරි 43, සමීර ද සොයිසා 40, රවිඳු සෙම්ම්බුකුට්ටිගේ 25, වනිඳු හසරංග 5/38, ළහිරු මධුශංක 2/23

Colombo Cricket Club – 157/2 (19.5): කුසල් මෙන්ඩිස් 81*, රොන් චන්ද්‍රගුප්ත 46, මිනෝද් බානුක 22

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

Group – B

  • Venue – Thurston College Ground, Colombo
  • Toss – Galle CC

Ragama Cricket Club – 266/5 (49): නිශාන් මධුශංක 81, ජනිත් ලියනගේ 102*, චලන ද සිල්වා 2/42, රවිශ්ක විජේසිරි 2/46

Galle Cricket Club – 134 (32.4): විනුර දුල්සර 57*, රාජු ගයාෂාන් 23, ඉශාන් ජයරත්න 4/53, බිනුර ප්‍රනාන්දු 3/15

රාගම කණ්ඩායමට ලකුණු 132ක ජයක් 

Group – C

  • Venue – Welagedara Stadium, Kurunegala 
  • Toss – Kaluthara TC

Kaluthara Town Club – 199/9 (50): ගීෂාන් විමලධර්ම 42, මිතුන් ජයවික්‍රම 26, රජින්ද පුංචිහේවා 26*, කසුන් සඳරුවන් 24, ළහිරු අත්තනායක 20, උපුල් ඉන්ද්‍රසිරි 2/27, නිශාන් පීරිස් 2/32, මාධව වර්ණපුර 2/33, ඩිල්ෂාන් මුණවීර 2/45

Negombo Cricket Club – 200/2 (37): අශේන් සිල්වා 78*, ළහිරු මිලන්ත 66, ඇන්ජලෝ ජයසිංහ 43*

Negombo ක්‍රීඩකයන්ට කඩුලු 8ක ජයක් 

Group – D

  • Venue – P Sara Oval, Colombo 
  • Toss – Kurunegala Youth CC

Kurunegala Youth CC – 139 (33.5): රවින්ද්‍ර කරුණාරත්න 91, ඩිලේෂ් ගුණරත්න 4/33, ප්‍රවීන් ජයවික්‍රම 3/46

Saracens Sports Club – 140/5 (32.2): මහේල උඩවත්ත 65, සචිත්‍ර සේරසිංහ 39, රංදීර රණසිංහ 2/06, නවීන් ගුණවර්ධන 2/32

Saracens කණ්ඩායමට ලකුණු 5ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<