Home Sinhala ප්‍රේක්ෂක පැතුම් මල්ඵල ගැන්වූ පැතුම්ගෙන් වාර්තාගත ශතකයක්

ප්‍රේක්ෂක පැතුම් මල්ඵල ගැන්වූ පැතුම්ගෙන් වාර්තාගත ශතකයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2021

1192
Pathum Nissanka made a century on his Test debut

ශ්‍රී ලංකා සහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 155 වැනි ක්‍රීඩකයා වූ 22 හැවිරිදි පැතුම් නිස්සංක, සිය මංගල තරගයේ දී ම ශතකයක් ලබා ගන්නට සමත් වුනා. ඒ අනුව, සිය මංගල ටෙස්ට් තරගයේ දී ම එවැනි දස්කමක් සිදු කළ සිව්වැනි ශ්‍රී ලාංකිකයා වන්නේ පැතුම් නිස්සංකයි.

නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිස්සංක 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ වාර්තාගත සබඳතාවය නිසාවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සටහන තවදුරටත් සවිමත් වුනු අතර අවසානයේ දී ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 476ක් ලබා ගන්නට සමත් වුනා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 375ක ඉලක්කයක් හඹා යා යුතුව තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:   

තරගයේ සිව්වැනි දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබාගෙන සිටි අතර ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවයක් ගොඩනංවා තිබුණා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් ධනංජය සිය අර්ධ ශතකය ලබා ගත් සැණින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට දකුණතින් වේගපන්දු යවන Alzarri Joseph සමත් වුනා.

ලකුණු 259කට කඩුලු 5ක් දැවී තිබුණු ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු නිස්සංක සහ කඩුලු රකින පිතිකරු දික්වැල්ල ලකුණු 179ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් වුනා.

කොදෙව් කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේ රටේ පැවති ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් ඕනෑම කඩුල්ල සඳහා ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවයන්,

  • 179 – පැතුම් නිස්සංක සහ නිරෝෂන් දික්වැල්ල –  Antigua හිදී – 2021*
  • 162 – ලහිරු තිරිමාන්න සහ ඕෂද ප්‍රනාන්දු – Antigua හිදී – 2021*
  • 138 – තිලාන් සමරවීර සහ චමින්ද වාස් – Port of Spain හිදී – 2008 
  • 130 – මයිකල් වැන්ඩොට් සහ මලින්ද වර්ණපුර – Providence හිදී – 2008 

කොදෙව් කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් හයවැනි කඩුල්ල සඳහා ගොඩනංවා තිබෙන හොඳම සබඳතාවයන්,

  • 179 – පැතුම් නිස්සංක සහ නිරෝෂන් දික්වැල්ල –  Antigua හිදී – 2021*
  • 165 – තිලාන් සමරවීර සහ හෂාන් තිලකරත්න – SSC හිදී – 2001 
  • 154 – තිලාන් සමරවීර සහ හෂාන් තිලකරත්න – Galle හිදී – 2001 

වේගපන්දු යවන්නන්ට හිතකර සහ පිතිකරුවන්ට තරමක් අසීරු කොදෙව් වේගවත් තණතීරු මත වයස අවුරුදු 22ක් වන නිස්සංක ලබා ගත් මේ වාර්තාගත ශතක ඉනිම ලකුණු 103 දී නැවතුනු අතර පන්දු 252ක් තුල ගොඩනැංවුනු මේ ඉනිම සඳහා 4 පහර 6ක් ඇතුළත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ශතක ලබා ගත් ක්‍රීඩකයින්,

  • බ්‍රෙන්ඩන් කුරුප්පු 201* – නවසීලන්තයට එරෙහිව – 1987  
  • රොමේෂ් කලුවිතාරනා 132* – ඔස්ට්‍රේලියාවට එරෙහිව – 1992  
  • තිලාන් සමරවීර 103* ඉන්දියාවට එරෙහිව – 2001  
  • පැතුම් නිස්සංක 103 – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – 2021*

පැතුම්ගේ දැවී යාමට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන්  සිය මංගල ටෙස්ට් ශතකය ආසන්නව සිටි දික්වැල්ල මේ ඉනිම තුල ද සිය ශතකය පෙනී පෙනී දැවී ගියේ, ජාත්‍යන්තර ටෙස්ට් ශතක නොමැතිව වැඩිම අර්ධ ශතක ලබාගෙන තිබෙන ක්‍රීඩකයින් අතර තවදුරටත් පෙරමුණ දිනා ගනිමිනි. ඔහුගේ එම ඉනිම සඳහා 4 පහර 8ක් ඇතුළත් වුනා.

ජාත්‍යන්තර ටෙස්ට් ශතක නොමැතිව වැඩිම අර්ධ ශතක ලබාගෙන තිබෙන ක්‍රීඩකයින්, 

  • 17 – නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව)  
  • 16 – Chetan Chauhan (ඉන්දියාව)  
  • 13 – Ken Mackay (ඕස්ට්‍රේලියාව)  
  • 12 – Shane Warne (ඕස්ට්‍රේලියාව)  

ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශය තුල ඉනිමක් තුල ලබා ගත් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයේ වාර්තාව සම කිරීමට මෙහි දී සමත් වුනේ වසර 22ක වාර්තාවක් සම කරමිනි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙවැනි දස්කමක් දක්වා තිබෙන්නේ 2008 වසරේ දී වන අතර Guyana හි Providence ක්‍රිකට් පිටියේ දී පැවති එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 121කින් ජය ගත්තා.

ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12 දී දවා ගැනීමට වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් වන මේ තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටිනවා.

මේ ටෙස්ට් තරගයේ වැඩි වාසිය මේ වන විට ශ්‍රී ලංකාව දෙසට පෙරළී තිබෙන අතර කොදෙව්වන් සමඟ කොදෙව් දේශයේ දී ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග 9න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණි. 1993 සිට පැවත එන මේ ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය තුල ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයේ දී එකඳු ටෙස්ට් තරගාවලියක් හෝ ජයගෙන නැහැ.

මේ තීරණාත්මක ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනය අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Result

Match drawn

Sri Lanka
169/10 (69.4) & 476/10 (149.5)

West Indies
271/10 (103) & 236/4 (100)

Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne c John Campbell b Rahkeem Cornwall 12 43 1 0 27.91
Lahiru Thirimanne b Jason Holder 70 180 4 0 38.89
Oshada Fernando run out () 4 11 0 0 36.36
Dinesh Chandimal c Joshua Da Silva b Jason Holder 4 25 0 0 16.00
Dhananjaya de Silva b Kemar Roach 13 26 2 0 50.00
Pathum Nissanka c Jason Holder b Kemar Roach 9 12 2 0 75.00
Niroshan Dickwella c Rahkeem Cornwall b Jason Holder 32 76 2 0 42.11
Suranga Lakmal c Kraig Brathwaite b Jason Holder 3 13 0 0 23.08
Dushmantha Chameera b Kemar Roach 2 7 0 0 28.57
Lasith Embuldeniya lbw b Jason Holder 3 15 0 0 20.00
Vishwa Fernando not out 1 11 0 0 9.09


Extras 16 (b 4 , lb 6 , nb 1, w 5, pen 0)
Total 169/10 (69.4 Overs, RR: 2.43)
Bowling O M R W Econ
Kemar Roach 16 2 47 3 2.94
Shannon Gabriel 9 2 22 0 2.44
Rahkeem Cornwall 14 6 25 1 1.79
Alzarri Joseph 11 2 32 0 2.91
Jason Holder 17.4 6 27 5 1.55
Kyle Mayers 2 0 6 0 3.00
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Dhananjaya de Silva b Suranga Lakmal 3 43 0 0 6.98
John Campbell c Niroshan Dickwella b Dushmantha Chameera 42 148 4 0 28.38
Nkrumah Bonner lbw b Lasith Embuldeniya 31 63 5 0 49.21
Kyle Mayers c Dhananjaya de Silva b Suranga Lakmal 45 70 6 2 64.29
Jermaine Blackwood b Suranga Lakmal 2 7 0 0 28.57
Jason Holder b Suranga Lakmal 19 61 2 0 31.15
Joshua Da Silva c Niroshan Dickwella b Dushmantha Chameera 46 124 5 0 37.10
Alzarri Joseph c Dinesh Chandimal b Suranga Lakmal 0 8 0 0 0.00
Rahkeem Cornwall b Vishwa Fernando 61 85 9 2 71.76
Kemar Roach not out 5 15 1 0 33.33
Shannon Gabriel lbw b Vishwa Fernando 0 3 0 0 0.00


Extras 17 (b 1 , lb 6 , nb 9, w 1, pen 0)
Total 271/10 (103 Overs, RR: 2.63)
Bowling O M R W Econ
Suranga Lakmal 25 9 47 5 1.88
Vishwa Fernando 17 6 52 2 3.06
Dushmantha Chameera 22 1 71 2 3.23
Lasith Embuldeniya 28 6 64 1 2.29
Dhananjaya de Silva 11 2 30 0 2.73
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne b Kemar Roach 76 201 4 0 37.81
Dimuth Karunarathne c John Campbell b Kemar Roach 3 13 0 0 23.08
Oshada Fernando c Joshua Da Silva b Kyle Mayers 91 149 11 0 61.07
Dinesh Chandimal c Joshua Da Silva b Kyle Mayers 4 9 0 0 44.44
Dhananjaya de Silva b Alzarri Joseph 50 79 6 0 63.29
Pathum Nissanka c Kemar Roach b Rahkeem Cornwall 103 252 6 0 40.87
Niroshan Dickwella b Kemar Roach 96 163 8 0 58.90
Suranga Lakmal run out () 8 24 0 0 33.33
Lasith Embuldeniya c Kyle Mayers b Rahkeem Cornwall 6 9 0 0 66.67
Dushmantha Chameera c Jason Holder b Rahkeem Cornwall 10 11 0 1 90.91
Vishwa Fernando not out 0 0 0 0 0.00


Extras 29 (b 13 , lb 5 , nb 11, w 0, pen 0)
Total 476/10 (149.5 Overs, RR: 3.18)
Bowling O M R W Econ
Kemar Roach 27 3 74 3 2.74
Shannon Gabriel 18 2 67 0 3.72
Jason Holder 22 4 40 0 1.82
Alzarri Joseph 21 2 83 1 3.95
Rahkeem Cornwall 42.5 4 137 3 3.22
Kraig Brathwaite 9 1 30 0 3.33
Kyle Mayers 9 2 24 2 2.67
Jermaine Blackwood 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Lasith Embuldeniya 23 124 0 0 18.55
John Campbell c Niroshan Dickwella b Vishwa Fernando 11 15 2 0 73.33
Nkrumah Bonner not out 113 274 13 1 41.24
Kyle Mayers c Lahiru Thirimanne b Lasith Embuldeniya 52 113 5 0 46.02
Jermaine Blackwood b Vishwa Fernando 4 29 0 0 13.79
Jason Holder not out 18 48 4 0 37.50


Extras 15 (b 4 , lb 8 , nb 3, w 0, pen 0)
Total 236/4 (100 Overs, RR: 2.36)
Bowling O M R W Econ
Suranga Lakmal 25 10 33 0 1.32
Vishwa Fernando 19 0 73 2 3.84
Lasith Embuldeniya 28 9 62 2 2.21
Dushmantha Chameera 18 3 44 0 2.44
Dhananjaya de Silva 10 5 12 0 1.20



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<