දසුන් ශානක මේ ඉරිදා කොදෙව් දේශයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

542

ඇමරිකන් වීසා ලබා ගැනීමේ සිදු වූ ප්‍රමාදයක් නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් ක්‍රිකට් සංචාරය සඳහා පිටත්ව යෑමට නොහැකි වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක මේ ඉරිදා (07) කොදෙව් දේශය ලබා පිටත්ව යෑමට නියමිතයි.

ශානක ප්‍රංශය හරහා කොදෙව් දේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන්නේ ඇමරිකානු වීසා ලබා ගැනීමේ දී ඇති වූ ප්‍රමාදයට විකල්පයක් ලෙසයි.

2018 වසරේ දී ශානකගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වී තිබෙන අතර එයට වසර 5ක් සඳහා වලංගු වන ලෙස ඇමරිකා වීසා නිකුත් කර තිබුණා. කෙසේ නමුත් ශානක නැවතත් නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබුනත් එයට ඇමරිකානු වීසා හිමිව තිබුණේ නැහැ. 

තවත් ක්‍රිකට් පුවත්:

දෙවැනි එක්දින තරගයේ සිට කොදෙව් තරග සඳහා ශානකව තෝරාගැනීමට අවකාශය හිමි වන අතර ශ්‍රී ලංකාව කොදෙව් සංචාරයේ දී එක්දින තරග 3ක්, විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ විස්සයි විස්ස තරග ඉකුත් දා (04) ආරම්භ වූ අතර පැවති පළමු තරගයෙන්ම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් කොදෙව් ක්‍රීඩකයින් මේ වන විට 1-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (06) Coolidge ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත්, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<