Home Sinhala ත්‍රිත්ව විද්‍යාලය නූලෙන් බේරෙද්දී රාජකීයට ඉහළ ගෞරවයක්

ත්‍රිත්ව විද්‍යාලය නූලෙන් බේරෙද්දී රාජකීයට ඉහළ ගෞරවයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

295
Gishan Balasuriya

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සත්කාරක කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවති වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගය 58 වැනි වරටත් අද (4) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

128 වැනි වරට පැවති මේ තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, එහි වැඩි ගෞරවය දිනා ගත්තේ රාජකීය විද්‍යාලයයි. රාජකීයන් වෙනුවෙන් නායක අහන් වික්‍රමසිංහ (ලකුණු 210*), සදීෂ රාජපක්ෂ (ලකුණු 152*) සහ ගිෂාන් බාලසූරිය (තරගය පුරාවට කඩුලු 8ක්) හොඳින් දස්කම් ප්‍රදර්ශනය කළා.

ත්‍රිත්ව විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් රාජකීය ක්‍රීඩකයින් ඊයේ (4) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 403ක් ලබාගෙන සිටි අතර ඔවුන් අද උදෑසනම සිය පළමු ඉනිම අත්හිටුවා දැමුවා.

පසුව සිය පළමු ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලය සාර්ථක ආරම්භක සබඳතාවයන් ගොඩනංවා ගැනීමට වෑයම් කළත්, ලකුණු 44ක් ලබා ගත් තෙවින් අමරසිංහට හැරෙන්නට ඔවුන්ගේ කිසිඳු පිතිකරුවෙක් හට ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම සාර්ථක කර ගැනීම වෙනුවෙන් සවියක් වීමට ඉඩක් ලැබුනේ නැහැ. 

තවත් ක්‍රිකට් පුවත්:

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ගිෂාන් බාලසූරිය ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම සුන් කිරීම සඳහා පෙරමුණ ගනිමින් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව දකුණතින් වේගපන්දු යවන කවිඳු පතිරත්න කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ත්‍රිත්ව පළමු ඉනිම ලකුණු 133කට සීමා වීම නිසාවෙන් නැවත වතාවක් පන්දුවට පහර දීම සඳහා ත්‍රිත්ව විද්‍යාලයට රාජකීයන් ආරාධනා කර සිටියේ ඉනිමක ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව වුවත් ත්‍රිත්ව මැදපෙළ සවිමත් කළ වමතින් පිතිකරණයේ නිරත වන පවන් පතිරාජ අගනා ලකුණු 76ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ දෙවන ඉනිම සහ සිය කණ්ඩායම ඉනිමක පරාජය ගලවා ගත්තා.

එම ඉනිමේ දී පවන් හට යම් මට්ටමකින් හෝ සවියක් වූ දීමන්ත බණ්ඩාර සහ නායක අභිෂේක් ආනන්දකුමාර් පිළිවෙළින් ලකුණු 17ක් සහ ලකුණු 13ක් ලබා ගනිමින් පවන් ගොඩනැංවූ ඉනිම සඳහා සවියක් වුනා.

පන්දු යැවීමේ දී එම ඉනිම තුල ද රාජකීය විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ගිෂාන් එම ඉනිමේ දී කඩුලු 3ක් දවා ගත්තේ තරගය පුරාවට කඩුලු 8ක් දවාගනමිනුයි. අවසානයේ දී තරගයේ නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට පෙර තරගය නවතා දැමීමට විනිසුරුවරුන් පියවර ගත්තේ අයහපත් ආලෝක තත්වය සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව මේ තරගය අවසන් වුන‍ේ ජය පරාජයෙන් තොරව වුවත් පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගත්තේ රාජකීය විද්‍යාල කණ්ඩායමයි.

Result

Match drawn

Royal College
402/2 (98)

Trinity College
133/10 (63.2) & 115/6 (32)

Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake c Akram Muthalib b Pasan Ganegoda 7 21 1 0 33.33
Ashen Gamage c Abishek Anadhakumar b Theeraka Raathunga 22 85 1 0 25.88
Sadisha Rajapaksha not out 152 258 10 0 58.91
Ahan Wickramasinghe not out 210 255 18 2 82.35


Extras 11 (b 8 , lb 0 , nb 1, w 2, pen 0)
Total 402/2 (98 Overs, RR: 4.1)
Did not bat Dasis Manchanayake, Kavindu Pathirathna, Prashan kalhara, Shehan Herath, Sonal Amarasekara, Gishan Balasuriya, Dan Poddiwela,

Bowling O M R W Econ
Matheesha Pathirana 13 1 27 0 2.08
Pasan Ganegoda 14 1 60 1 4.29
Thewin Amarasinghe 9 3 12 0 1.33
Abishek Anadhakumar 23 2 106 0 4.61
Theeraka Raathunga 13 0 71 1 5.46
Umair Raizan 11 1 47 0 4.27
Ranuda Somarathna 8 0 37 0 4.62
Kalendra Abeysinghe 7 0 42 0 6.00
Batsmen R B 4s 6s SR
Thewin Amarasinghe b Gishan Balasuriya 44 155 2 0 28.39
Umair Raizan c Shehan Herath b Kavindu Pathirathna 2 9 0 0 22.22
Abishek Anadhakumar c Shehan Herath b Dan Poddiwela 10 48 1 0 20.83
Pawan Pathiraja c Prashan kalhara b Gishan Balasuriya 6 12 0 0 50.00
Ranuda Somarathna c Shehan Herath b Kavindu Pathirathna 16 43 2 0 37.21
Akram Muthalib b Gishan Balasuriya 6 32 0 0 18.75
Deemantha Bandara c Gishan Balasuriya b Sadisha Rajapaksha 3 17 0 0 17.65
Kalendra Abeysinghe c Kavindu Pathirathna b Gishan Balasuriya 5 14 0 0 35.71
Theeraka Raathunga not out 14 32 3 0 43.75
Pasan Ganegoda st Shehan Herath b Gishan Balasuriya 0 4 0 0 0.00
Matheesha Pathirana b Prashan kalhara 16 4 0 2 400.00


Extras 11 (b 4 , lb 5 , nb 0, w 2, pen 0)
Total 133/10 (63.2 Overs, RR: 2.1)
Bowling O M R W Econ
Kavindu Pathirathna 12 3 18 2 1.50
Sonal Amarasekara 5 0 16 2 3.20
Dan Poddiwela 5 2 7 1 1.40
Gishan Balasuriya 21 7 41 5 1.95
Prashan kalhara 12.2 6 18 1 1.48
Sadisha Rajapaksha 8 3 24 1 3.00


Batsmen R B 4s 6s SR
Thewin Amarasinghe lbw b Kavindu Pathirathna 2 6 0 0 33.33
Umair Raizan c Dasis Manchanayake b Prashan kalhara 0 1 0 0 0.00
Abishek Anadhakumar c Dan Poddiwela b Prashan kalhara 13 46 0 0 28.26
Pawan Pathiraja not out 76 106 11 0 71.70
Ranuda Somarathna lbw b Gishan Balasuriya 1 7 0 0 14.29
Akram Muthalib b Gishan Balasuriya 0 1 0 0 0.00
Deemantha Bandara lbw b Gishan Balasuriya 17 19 4 0 89.47
Theeraka Raathunga not out 0 7 0 0 0.00


Extras 6 (b 5 , lb 0 , nb 1, w 0, pen 0)
Total 115/6 (32 Overs, RR: 3.59)
Did not bat Matheesha Pathirana, Pasan Ganegoda, Kalendra Abeysinghe,

Bowling O M R W Econ
Kavindu Pathirathna 5 1 8 1 1.60
Prashan kalhara 9 2 29 2 3.22
Sadisha Rajapaksha 2 1 9 0 4.50
Dan Poddiwela 1 0 4 0 4.00
Gishan Balasuriya 11 2 44 3 4.00
Sonal Amarasekara 3 0 14 0 4.67
Dasis Manchanayake 1 0 2 0 2.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<