නවසීලන්තයට සුනාමි අනතුරු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

නවසීලන්තයට සුනාමි අනතුරු

ප්‍රබල භූ කම්පන 3 ක් හේතුවෙන්, නවසීලන්තයේ උතුරු දිවයිනට සුනාමි අනතුරු නිකුත් කෙරුණි. 

නවසීලන්තය දූපත් සමූහයකි. ප්‍රධාන වශයෙන් එය උතුරු දිවයින සහ දකුණු දිවයින ලෙස කොටස් දෙකකි. 

භූමි කම්පා හටගත්තේ නවසීලන්තයේ උතුරු දිවයිනයට ඊසාන දෙසින් පිහිටා ඇති කර්මැඩෙක් දූපත් අසල මුහුදු පතුලේය. 

හටගත් භූමි කම්පා රික්ටර් පරිමාණයේ ඒකක 8.1 ක් සටහන් කළ හෙයින් උතුරු දිවයිනේ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට සුනාමි අනතුරු නිකුත් කෙරුණි. 

නවසීලන්තය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකය. එහෙයින් භූමි කම්පා හට ගැනීමේ අවදානමක් පවතී. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom