කොළඹ ඔක්සිජන් අඩුවෙලා! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

කොළඹ ඔක්සිජන් අඩුවෙලා!

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය, ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව පරිසර අමාත්‍යාංශය කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර තිබේ. 

කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක මහත්මිය ඉල්ලීමක් කළ බවද පරිසර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Classified_Ad

Classified_Ad_News_Bottom