ඉන්දියාව සමඟ සංචාරක ගුවන් බුබුළක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 5, 2021

ඉන්දියාව සමඟ සංචාරක ගුවන් බුබුළක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE) ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍යාංශ්‍ය කියා සිටී. 

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර සංචාරක අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවක් වන අතර ඒ පිළිබදව ඉන්දියානු මහාකොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සදහා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේදී සිදු විය. 

ඒ අනුව මෙම සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත්, දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබදවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණුනු බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 

කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. 

ඉන්දියාව මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ලබාදෙන සහාය පිළිබදව සිය විශේෂ ස්තූතිය ඉන්දීය මහ කොමසාරිස්වරයාට පළ කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට මෙම වැඩසටහන හේතුවනු ඇති බවයි. 

රාජ්‍ය ඇමති ඩී.වි.චානක, අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

Classified_Ad

Classified_Ad_News_Bottom