දිනයේ වැඩි ගෞරව පන්දු යවන්නන් සතු වෙද්දී, සදීර, පියුමාල් ලකුණු අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

1043
SLC Club Cricket

කණ්ඩායම් 26ක් තරග වදින පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ආරම්භක තරග අද (04) කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

නාවික හමුදාව සහ රාගම ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගයේ දී නාවිකයින් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවක් සඳහා හොඳ සටහනක් ප්‍රතිවාදී රාගම ක්‍රීඩකයින්ට ලබා දීමට සමත් වූ නමුත් තරගයේ 18 වැනි පන්දුවාරයේ දී කඩුලු 4ක ජයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයන් සමත් වුනා. 

සාර්ථක පන්දු යැවීමක් පෙන්නුම් කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ඉශාන් ජයරත්න රාගම වෙනුවෙන් ලකුණු 20කට කඩුලු තුනක් දවා ගැනීමට ද සමත් වුනා.

Nugegoda SWC සහ බදුරලිය ක්‍රිකට් කණ්ඩායම් අතර තරගයේ දී මුදිත් ලක්ෂාන් ලබා ගත් ලකුණු 73 සහ පන්දුවෙන් ලකුණු 13කට කඩුලු 4 ලබා ගනිමින් ප්‍රමුද් හෙට්ටිවත්ත දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් Nugegoda කණ්ඩායමට ලකුණු 25ක ජයක් හිමි වුනා.

එමෙන්ම Bloomfield සහ Kalutara Town Club පරදවමින් ජයග්‍රහණ වාර්තා කිරීමට SSC සහ NCC කණ්ඩායම් සමත් වුනා.

SSC වෙනුවෙන් දකුණත් පිතිකරු ක්‍රිශාන් සංජුල ලකුණු 52ක් සහ ජාතික කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

එමෙන්ම NCC වෙනුවෙන් ආරම්භ පිතිකරු හසිත බෝයගොඩ ලකුණු 38ක් සහ පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ලකුණු 04ක් තුළ කඩුලු 03ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසාවෙන් ලකුණු 39ක ජයක් NCC කණ්ඩායමට හිමි වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

Tamil Union ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කඩුලු 17ක් තුළ කඩුලු තුනක් ලබා ගනිමින් අනෙකුත් පන්දු යවන්නන් සමඟින් දැක්වූ දස්කම් නිසාවෙන් යුද හමුදා කණ්ඩායම ලකුණු 104කට සීමා කිරීමට සමත් වූ අතර සදීර සමරවික්‍රම වාර්තා කළ ලකුණු 52ක නිසාවෙන් කඩුලු 06ක ජයක් Tamil Unionට හිමි වුනා.

Colts නියෝජනය කරන යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ලකුණු 17කට කඩුලු 03ක් දවා ගනිමින් වරාය අධිකාරි කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර Colts ක්‍රීඩක පියුමාල් පෙරේරා ලබා ගත් නොදැවුනු ලකුණු 64 නිසාවෙන් කඩුලු 08 ජයක් Colts කණ්ඩායමට හිමි වුනා.

ගාල්ල ක්‍රීඩකයන් සමඟ පැවති තරගයේ දී කැපී පෙනෙන පන්දු යැවීමක් CCC ක්‍රීඩකයන්ගෙන් ප්‍රදර්ශනය වූ අතර ළහිරු ගමගේ (2/06), ළහිරු මදුශංක (2/07), මලින්ද පුෂ්පකුමාර (2/12) සහ අශාන් ප්‍රියන්ජන් (2/25) දැක්වූ දස්කම් නිසාවෙන් කඩුලු 8ක පහසු ජයක් CCCට හිමි වුනා.

තියුණු සටහනකින් පසුව ප්‍රබල Chilaw Marians ක්‍රීඩකයන් පරදවමින් ලකුණු 16ක ජයක් ලබා ගැනීමට Kurunegala YCC කණ්ඩායම සමත් වුනා.

Kurunegala YCC වෙනුවෙන් පිතිකරණයෙන් සාර්ථක අඩිතාලමක් දැමීමට දනුශ්ක දහම්සිරි (53) සහ ගයාන් මනීශාන් (42) සමත් වූ අතර පන්දු යැවීමෙන් නිම්සර අතරගල්ල (4/26) සහ ළහිරු ජයරත්න කැපී පෙනෙන දස්කම් දැක්වුවා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Grounds, Colombo
  • Toss – Badureliya CC

Nugegoda Sports & Welfare Club – 164/8 (20) – මුදිත ලක්ෂාන් 73, ප්‍රමුද් හෙට්ටිවත්ත 43, මිතිර තේනුර 25/3, අකලංක අසංක සිල්වා 32/2

Badureliya Cricket Club – 139 (18.2) – සඳුන් වීරක්කොඩි 37, මිලින්ද සිරිවර්ධන 25, ප්‍රමුද් හෙට්ටිවත්ත 4/13, උමේෂ් කරුණාරත්න 2/27

Nugegoda SWC ලකුණු 25ක ජයක් 

Group – B

  • Venue – CCC Grounds, Colombo
  • Toss – Bloomfield C & AC

Nondescripts Cricket Club – 155/7 – හසිත බෝයගොඩ 38, කමිල් මිෂාර 29*, ඇන්ජලෝ පෙරේරා 22, ළහිරු උදාර 22

Bloomfield Cricket and Athletic Club – 106/7 – හර්ෂ විතාන 25, නිපුන් හග්ගල්ල 23, මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 22, චාමික ගුණසේකර 3/04, සහන් ආරච්චිගේ 2/22

NCC කණ්ඩායමට ලකුණු 49 ක ජයක් 

Group – C

  • Venue – Colts Grounds, Colombo
  • Toss – Kalutara TC

Sihalese Sports Club – 148/8 (20) – ක්‍රිෂාන් සංජුල 52, නිපුන් කාරියවසම් 4/31

Kalutara Town Club – 121/10 (19.2) – ගිහාන් රූපසිංහ 36, ජෙෆ්රි වැන්ඩර්සේ 3/25, හිමේෂ් රාමනායක 2/21, හරිත ජයසූරිය 2/26 

SSC කණ්ඩායමට ලකුණු 27 ක ජයක් 

Group – D

  • Venue – NCC Grounds, Colombo
  • Toss – Ragama CC

Navy Sports Club – 87/9 (20) – චානක රුවන්සිරි 24, ඉශාන් ජයරත්න 3/20, ජනිත් ලියනගේ 2/08, බිනුර ප්‍රනාන්දු 2/11

Ragama Cricket Club- 88/6 (17.4) – නිශාන් මදුශ්ක 27, ඩිලංක 2/17

Ragama CC කණ්ඩායමට කඩුලු 4 ක ජයක් 

Group – A

  • Venue – SSC Grounds, Colombo
  • Toss – Galle CC

Galle Cricket Club – 75 (16.1) – ළහිරු ගමගේ 2/06, ළහිරු මදුශංක 2/07, මලින්ද පුෂ්පකුමාර 2/12, අශාන් ප්‍රියන්ජන් 2/25

Colombo Cricket Club – 79/2 (7.1) – මිනෝද් බානුක 29*, රොන් චන්ද්‍රගුප්ත 24

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

Group – B

  • Venue – CCC Grounds, Colombo
  • Toss – Sri Lanka Ports Authority CC

Sri Lanka Ports Authority CC – 128/10 – ඉෂාන් රංගන 39, නිමන්ත පෙරේරා 23, යොහාන් ද සිල්වා 20, ධනංජය ලක්ෂාන් 3/17, සාරංග රාජගුරු 2/23

Colombo Colts Cricket Club – 129/2 (15.5) – පියුමාල් පෙරේරා 64*, සංගීත් කුරේ 36*, කිත්රුවන් පෙරේරා 24

Colts Cricket Club කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

Group – C

  • Venue – Colts Grounds, Colombo
  • Toss – Kurunegala YCC

Kurunagala Youth Cricket Club – 151/8 (20) – ධනුෂ්ක ධර්මසිරි 53, ගයාන් මනීෂාන් 42, පුලින තරංග 2/22

Chilaw Marians Cricket Club – 135 (19.2) – කසුන් විදුර 26, ලසිත් කෲස්පුල්ලේ 25, නිම්සර අතරගල්ල 4/26, ළහිරු ජයරත්න 2/24

Kurunegala YCC කණ්ඩායමට ලකුණු 16ක ජයක් 

Group – D

  • Venue – NCC Grounds, Colombo
  • Toss – Tamil Union C & AC

Army Cricket Club – 104/10 (19.3) – අසේල ගුණරත්න 24, ශිරාන් ප්‍රනාන්දු 3/17, රවිඳු ප්‍රනාන්දු 2/11, ඉසුරු උදාන 2/16

Tamil Union Cricket & Athletic Club – 108/4 (17.4) – සදීර සමරවික්‍රම 52, මනෝජ් සරත්චන්ද්‍ර 29, මහීෂ් තීක්ෂණ 2/13

Tamil Union කණ්ඩායමට කඩුලු 6ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<