අහෝ, සිංහල වෙදකම !!!

Share

මේ කියන්නෙ අපෙ ලංකාවෙමයි. බොහොම කාලෙකට කලින්………

කොහොමින් කොහොම හරි අද වෙනකොට නම් ඒ සමහර පරම්පරා අභාවයටම ගිහින්. හේතු වෙච්චි කාරණා කීපයක්ම තිබුණා.

මේත් ඒ වගෙ කතාවක්…….

 

යම්තම් දාහතරට පා තබන කොට

ලොකුම බරක් වැටුණා ඉහ මතට මට

අක්කල තුන්දෙනෙකුගෙ අන්තිමට යට

එකම පුතා මමයිලු පරපුරට සෙට

 

පරම්පරාවෙන් ගෙන එන වෙදකම

අප්පච්චිට වාරු නැතිලු තනියම

අත්පොත් තබනට කීවත් දවසෙම

කිසිම කැමැත්තක් නෑ ඒ ගැන මම

 

අභිමානය එඩිතරකම නිල ඇඳුම

ගිනි භටයත් උජාරුවට අත දැරුම

අඩි හයකට අඩු නැති දේහය වරම

හමුදාවයි අරමුණ වෙන නෑ කිසිම

 

කිපෙන කලට සුව කරන්ට වා පිත් සෙම්

දැවෙන ගතට සිසිල දෙන්ට බලවත් කෙම්

ඔසු හැඳිනට සැම කල මම අසමත් වෙම්

වෙදපොත නොව රණබිමටයි බැන්දේ පෙම්

 

ඉතිං බලන්න, වෙද මහත්තයගෙ එකම පිරිමි දරුවා. එයාගෙ කැමැත්ත පාරම්පරික වෙද ශාස්ත්‍රය නෙමෙයිලු !!

 

ගැමි තුලානෙ ලැබුවත් ගරු සරු නොමඳ

එක හූවට පිරිවර වැඩියත් නිබඳ

කිතුගොස රැව් දී පෑවත් තුඩ එසඳ

අප්පච්චිගෙ දැනුණේ නෑ පිය සුවඳ

 

මහ බල බෙන්තර ගඟ එපිටින් දකුණු

සුවපත් වෙන අරුමය නම කන වැකුණු

පරම්පරා සත් තිස් නවකින් සැදුණු

සිංහල වෙදකම මේ මියැදෙන ලකුණු

 

එදා, ඔය වගේ පුංචි අතපසුවීම් නිසා අද සිංහල ජන සමාජයට වෙලා තියෙන බලපෑමක තරම !!!!

 

Image Courtesy: https://bit.ly/2KQLkVf

 
Tagged : / /