ගුවන් සංදර්ශනයට ඉන්දියාවෙන් එයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 1, 2021

ගුවන් සංදර්ශනයට ඉන්දියාවෙන් එයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සරඹ සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ සහ ඉන්දීය නාවික හමුදාවේ සෙබළ කණ්ඩායමක් මෙරටට ළඟාවිය. 

ඒ සමග ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් සරඹ කණ්ඩායමද මෙරටට පැමිණියේය. 

ශ්‍රී ලංකා සහ ඉන්දීය ගුවන් හමුදා අතර තිබෙන මිත්‍රත්වයේ දිගුවක් ලෙස මෙම කණ්ඩායම මෙරටට පැමිණි අතර ඊට ඉන්දීය ගුවන් හමුදාවට සහ ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා 23ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවත්වන සරඹ සංදර්ශනයට එක්කර ඇත. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය හෙට (2) ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සංවිධානය කර තිබෙන විශේෂ උත්සවය සහ ගුවන් සරඹ සංදර්ශනය ලබන 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom