එක එක් කෙනාගේ කැමැත්තවල්!


කලින් සටහනේ අප මිත්‍ර ප්‍රා, ජීවිතයේ එක්තරා අන්ත දෙකක් ගැන අදහස් පළ කෙරුවා. එය අප ගොඩක් වෙලාවට එතරම් නොසිතන දෙයක්. එනම්, ඇත්තටම අප ජීවිතයේ එන්ජෝයි කරන්නේ මොනවාද යන්න ගැන, ගොඩක් දෙනා සමහරවිට දන්නේ නැහැ. දේවල් කරනවා, ජිවත් වෙනවා තමා. හැබැයි, ඒ දේවල් වලින් අප මොනවාද කැමැත්තකින් කරන්නේ?

මෙයටම සමාන අදහසක් මිත්‍ර රසිකත් ලියා තිබුණා. එනම් මා සහ මා අතර ඇතිවන සටන ගැන. ප්‍රා ගේ කොමෙන්ටුවේ තිබුණේ, අනපේක්ෂිත පසුගිය වසර නිසා, වැඩට නොගොස් ගෙදර ඉන්න අවකාශය තියනවා නම්, තමන් කැමති කොතරම් දේවල් කරන්න හැකිද කියා තේරුම් ගිය වග. ඔහුගේ මිත්‍රයෙක් තේරුම් අරන් තිබුණේ එහි ප්‍රතිලෝමය. එනම්, වැඩට නොගොස් ගෙදර ඉඳීම කොතරම් බෝරින් දෙයක්ද කියා තේරුම් ගැනීම.

යම් අනපේක්ෂිත දෙයක් නිසා මෙවැනි තේරුම් ගැනීම් කරන්න හැකියි. නැත්නම් මැරෙන තුරාවටම කරගෙන ආපු දේවල් කරගෙන යනවා. රැකියාවන් වගේ දේවල් වලින් නම් යම් දිනක විශ්‍රාම ගන්න වෙනවා. හැබැයි, රැකියාව කියන්නේ තමන්ගේ දෙයක් නම් එහෙම නැහැ. මැරෙන තුරු කරනවා. සමහරු ඉගෙන ගන්නවා. තවත් සමහරු නිකම්ම ඉන්නවා. ඒ කියන්නේ කරගෙන ආපු දේවල්, ඇත්තටම ඒවායින් වින්දනයක් ලබනවද නැත්ද යන්න ගැන හැඟීමක් නැතුව දිගටම කිරීම.

අප නිරීක්ෂණය කරන සමහරුන්, ජිවිතයේ එක්තරා කාල පරිච්ඡේද වළ, තමන් එතෙක් කරනගෙන ආපු, පෙනී සිටපු දේවල් වලින් අයින් වී, වෙනම ජීවිතයක් ගත කරන්නේ, මෙවැනි අනපේක්ෂිත ශොක් නිසා වෙන්න පුළුවන්. නැතිනම් අපගේ ජීවිතය වෙනස් වන්නේ එහෙම නොවේ. ඒවා තියන තත්වයේම පරිනාමයන්.

මා ගිය වසරේ ලියූ මගහැරුණු නොවැම්බරය! කියන සටහන අද නැවත කියවන්නට ඔබට හැකි නම්, මා ඉහත කියන කරුණ වඩාත් හොඳින් තේරුම් ගන්න හැකියි. එම සටහන ලෝකය පුරා විසිරී ඉන්නා සිංහල මධ්‍යම පාන්තිකයන් ගේ බලාපොරොත්තු කඩවීම් වන්නේ මොකද කියා පෙන්වා දෙන සටහනක්. ඒ අතරම, අප වෙනස් නොවී, අන් අයෙකු අප බලාපොරොත්තු වන වෙනස්වීම කරදේවි කියන, කිසිදා නොවන සොඳුරු බලාපොරොත්තුව කොයි වගේ මිත්‍යාවක්ද කියා පෙන්වන්නක්.

මිනිසුන් ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. සමහරුන් අපට පෙනෙන පබ්ලික් ජීවිත ගත කරන්නේ, කැමති හින්දා නොවේ. රැකියාව නිසා. තවත් සමහරුන් එක වරම, වෙනස් ජීවන විලාසිතා වලට යොමු වන්නේ, එතෙක් “රැකියාවට” කරගෙන ආපු මවා පෑම් වලින් ඇත්තටම වින්දනයක් නොලබන නිසා. ඒ වගේ අවස්ථාවල තුෂ්නිම්බුත වන්නේ අවට ඉන්න පිරිස්.

ඒ අතර මා පසුගිය වසරේ තේරුම් ගත්ත දේවල් ද ඉදිරියේ ලියන්නම්. හැබැයි, බ්ලොග් ලිවිම වැඩදායක නැහැ කියා තේරුම් ගැනීමත්, ඒ අතර තියන නිසා, එම සටහන් ඔක්ශිමෝරෝනයන් වනු නියතයි.

කලින් දමපු ගීතයක් !

4 Comments

Filed under Lifestyle, Opinion, Social

4 responses to “එක එක් කෙනාගේ කැමැත්තවල්!

  1. කෞශල්‍ය

    ‘අප වෙනස් නොවී, අන් අයෙකු අප බලාපොරොත්තු වන වෙනස්වීම කරදේවි’ කියන මතයේ ලාංකික බහුතරයක් විතරක් නොවෙයි, ලෝකෙම බහුතරයක් ඉන්නවාය කියන එක තමයි මට හිතෙන්නේ. පරිසරය සුරැකීම වගේ long term benefit තියෙන දේවල්වලට මිනිස්සු එකතු කරගන්න මෙච්චර අමාරු ඒ නිසා නේ. (දැන් නම් long term benefit නෙමෙයි short term survival වේගනයි එන්නෙ)

    ‘බ්ලොග් ලිවිම වැඩදායක නැහැ කියා තේරුම් ගැනීමත්, ඒ අතර තියන නිසා’ මෙහෙම කියන්නේ රයිගමගෙ පැත්තෙන් බලලද? නැත්නම් කොමෙන්ටුවක් නොදැම්මත් අපි බොහෝ දෙනෙක් ඔබගේ ලියැවීම් රසවිඳින බවයි මට නම් හිතෙන්නේ.

  2. pajayatunga

    මා ගැනනම් තව පැතිකඩක් තියනව. මට ඇත්තටම ආසාවක් දැනෙන්නේ නැති දේවල්වලට මං හුගක් කම්මැලියි. කරන්නම ඕනෙ නිසා කරනව. ආස දේවල් හුගක් තියනව ඒත් livelihood එකට ලොකු දායකත්වයක් ඒවාගෙන් නොලැබෙන නිසා මට කරන්න වෙලා තියන දේවල් අකමැත්තෙන් කම්මැලිකමින් කරන්නෙ.

  3. ඔව් කෞශල්‍ය ෂෝර්ට් ටර්ම් සර්වයිවල් එකත් ලෝකයේ විශාල පිරිසක් මුහුණ දෙන ප්‍රශ්නයක් වීමත් ඔබ කියන දෙයට තවත් හේතුවක්. ගොඩක් රටවල තියන ඛනිජ, තෙල් හා ගස් වගේ දේවල් වලින් මුදල් උපයන්නේ සුළු පිරිසක්. ඇත්තටම දිනපතා ජිවන අරගලයට මුහුණ දෙන පිරිස්, අතරින් පතර වැටෙන කටු වලින් සැනසීමට පත් වෙන්න වෙලා තියනවා. අනික ජනගහනයේ තියන අතිරික්තය නිසා, බලවත් බලව්ග වලට පහසු වෙලා තියනවා, ඕනෙම තත්වයක් පාලනය හා මැනුපියුලේට් කරන්න. වසංගත තත්වය පෙන්වා දුන්නේ අප කොතරම් දෙනෙක් “ණයට” අරන් ජිවත් වෙනවාද කියා. මුදල් විතරක් නොවේ කාලයත්.
    බ්ලොග් ලියන එකත් වැඩක් ඇති දෙයක් නොවනවා කියුවේ මා පැත්තෙන් බලල පුළුල් අර්ථයෙන්. ඒ කියන්නේ කොම්පියුටරේ ගත කරන කාලය. ගොඩක් දෙනා පසුගිය වසරේ එහි අනික් පැත්තට යොමු වුනා. එනම් කොම්පියුටර ලෝකයට වඩාත් යොමු වීම. ඉස්සර මා ලියුවේ නිරායාසයෙන්. දැන් උත්සහයක් ගන්න ඕනේ.

  4. ප්‍රා කියන දෙයක් අප ගොඩක් දෙනාට පොදු දෙයක් මන් හිතන්නේ. අර රිචර්ඩ් බ්‍රැන්සන් දැනට අවුරුදු දෙකකට උඩදී “සල්ලි කියන්නේ සේරම නොවේ” කියා කියුවහම, සමාජ මාධ්‍ය ජාල මිනිහට ගොඩක් කතා කියුවා. ඒ වගේ කෙනෙක් එහෙම කියන එකත්, ජිවන අරගලයේ යෙදෙන සාමාන්‍ය මිහිහෙක් මුහුණ දෙන තත්වයත් දෙකක්නේ.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.