යුද හමුදා මලල ක්‍රීඩා උළෙලත් කල් යයි

181
Army Athletic Championship Postponed

මෙම වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂිකව පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය කොරෝනා වසංගතය මත ජූලි මස දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වදින මෙම තරගාවලිය මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා තරගාවලි කිහිපයෙන් එකක් වන අතර කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ තරගාවලිය ද අවලංගු කිරීමට සිදු විය.

පසුගිය වසරේ තරගාවලිය අවලංගු කිරීමෙන් පසු මෙවර තරගාවලිය මාර්තු මස 22-24 දක්වා පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් නැවතත් එය ජූලි මස දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්

යුද හමුදා මලල ක්‍රීඩා උළෙල කල් දැමීමෙන් අනතුරුව මෙම වසරේ දී පැවැත්වෙන මුල්ම ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලිය ලෙස 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය හැඳින්විය හැකි අතර එය අප්‍රේල් මාසයේ දී පැවැත්වෙනු ඇත.

මෙම වසර තුළ දී ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීමට නියමිතව ඇති නිසාවෙන් ඒවාට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගාවලි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතා වැදගත් වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<