Taibu හා Pietersenට Rahul Dravidගෙන් උපදෙස්

(ndtv)

192

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නෙක් වන Anil Kumbleට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය Rahul Dravid තමාට කියා දුන් බව හිටපු සිම්බාබ්වේ නායක Tatenda Taibu පවසා සිටියා.

ඉන්දු – සිම්බාබ්වේ තරගයකට පසුව Dravid මෙම උපදෙස් ලබා දුන් බව Taibu සඳහන් කරන අතර සිය පා ආවරණයට ඉදිරියෙන් පිත්ත තබාගෙන ක්‍රීඩා කරන ලෙස Dravid පවසා සිටි බව ඔහු මතක් කර සිටිනවා.

මම ඉන්දියාවේ ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග දෙකේ ඉනිම් හතරකින් ඉනිම් තුනක්ම Anil Kumble මාව දවා ගත්තා, තරගය අවසානයේ Dravid මට උපදෙස් දුන්නා Anil Kumble මද වේගපන්දු යවන්නෙක් ලෙස සලකලා පිත්ත පා ආවරණයට ඉදිරියෙන් තබාගෙන ක්‍රීඩා කරන්න කියලා. හැම පන්දුවක්ම ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න කියලත් කිව්වා. ඒක ලෙහෙසියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවේ.”

තවත් ක්‍රිකට් පුවත්:

වරෙක Kevin Pietersen දඟපන්දු යවන්නන් හමුවේ දැඩි පසු බෑමකට ලක්ව සිටි සමයක ඔහු Dravid ගෙන් දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කිරීම ගැන උපදෙස් ඉල්ලා තිබුණා.

Dravid, Pietersen ට දඟ පන්දු යවන්නන්ට ක්‍රීඩා කරන ආකාරය ගැන සඳහන් දිගු email පණිවිඩයක් යොමු කර තිබුණු අතර Pietersen ගේ ක්‍රීඩා දිවිය ගැන ලියවුණු “KP:The Autobiography” චරිතාපදානයේ මේ සිදුවීම සඳහන් වී තිබෙනවා.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<