මෙක්සිකෝ ජනපති කොවිඩ් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 25, 2021

මෙක්සිකෝ ජනපති කොවිඩ්

මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනුවෙල් ලොපේස් ඔබ්රාඩෝට ද ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 

තමන් වයිරස ආසාදිතයකු යැයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමිනි. 

‘කනගාටුවෙන් වුවත්, මට දැනුම් දෙන්න සිදුවෙනවා. මා කොරෝනා ආසාදිතයකු බව. රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත්, වෛද්‍යවරුන් මට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබෙනවා.’ යැයි ජනාධිපති ලෝපේස් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ. 

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම අපොහොසත් වූයේ යැයි 67 හැවිරිදි ලෝපේස් ට චෝදනා එල්ල වී තිබේ. වයිරස ව්‍යාප්තිය ආරම්භ වෙද්දී, සෞඛ්‍ය අංශ තරයේ කියා සිටියේ රට කඩිනමින් ලොක්ඩවුන් කරන ලෙසය. 

ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් එම අවස්ථාවේදී පිළිගත්තේ නැත. කෙසේ නමුත් වයිරස ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී, ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් කළ නමුත් ඒ අවස්ථාව වනවිට ප්‍රමාද වැඩි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. 

වයිරස ව්‍යාප්තිය සිදුවෙද්දී පවා ජනාධිපතිවරයා ජනරැලි පැවැත්වීය. ඔහු ඒවාට සහභාගී වූයේ ද මුහුණු ආවරණ නොමැතිවය. එපමණක් නොව, පසුගිය වසරේ මාර්තුවේ, කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට තමන් සතුව මැජික් සුර දෙකක් ද ඇති බව ද ජනාධිපතිවරයා පැවැසුවේය. 

‘මේවා ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබූ මැජික් සුර. ජේසුතුමන්ගේ ආරක්ෂාව මට ලැබෙනවා.’ යැයි ජනරැලිවලට සහභාගී වෙමින්, එම සුරය පෙන්වමින්, ජනාධිපතිවරයා මහත් ආඩම්බරයෙන් පැවැසූ බව ද මෙක්සිකෝ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom