කොත්තිගොඩට T10 වරම්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

1178

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කෙවින් කොත්තිගොඩ මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Maratha Arabians කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් තේරී පත්ව තිබෙනවා.

ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත “2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙක් සහභාගී වීමට සිටි නමුත් එම ක්‍රීඩකයින් ගණන දැන් 3ක් දක්වා අඩුව තිබුණ ද, කොත්තිගොඩගේ නියෝජනයත් සමඟින් එම ගණන 4 දක්වා ඉහළ යනවා.

වයස අවුරුදු 22ක් වන කොත්තිගොඩ දකුණු අප්‍රිකාවේ පෝල් ඇඩම්ස් පන්දු යවන ඉරියව්ව හා සමාන ඉරියව්වකින් පන්දු යවන අතර එම පන්දු යැවීමේ ඉරියව්ව තරමක් වෙනස් පන්දු යැවීමේ ඉරියව්වකි. තවමත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර නොමැති කොත්තිගොඩ මීට පෙර 2019 වසරේ පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී Bangla Tigers නියෝජනය කළා.

තවත් ක්‍රිකට් පුවත්:

තවද 2020 LPL ක්‍රිකට් තරගාවලියේ දී Kandy Tuskers නියෝජනය කිරීමට කොත්තිගොඩට හැකියාව ලැබුනත් එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2017 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

2021 වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක සහභාගී වෙනවා.

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්,

  • Bangla Tigers –  මතීෂ පතිරණ
  • Northern Warriors – මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්
  • Maratha Arabians – කෙවින් කොත්තිගොඩ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<