ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 22, 2021

ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා (Oxford-Astra Zeneca) එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMR) අනුමැතිය හිමිවන බව, ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

 'කොවිඩ් 19' වයිරස වසංගතය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, එන්නතකට අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා යනු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රා සෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති සාර්ථක එන්නතකි. 

ඉන්දීය රජය මැදිහත් වී, එරට සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම හරහා 'කොවිෂීල්ඩ්' යනුවෙන් මහා පරිමාණයෙන් නිපදවන්නේ ද මෙම එන්නතය. 

මේ වනවිට ඉන්දියානුවන්ට ලබා දෙන එන්නත් දෙකෙන් එකක් වන්නේ ද 'කොවිෂීල්ඩ්' එන්නතය.

Classified_Ad

Classified_Ad_News_Bottom