එන්නත් නිෂ්පාදනයට බාධාවක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 22, 2021

එන්නත් නිෂ්පාදනයට බාධාවක් නෑ

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ හටගත් ගින්නෙන් එහි නිෂ්පාදන කටයුතුවලට කිසිදු හානියක් සිදුවී නැතැයි පැවැසෙයි. 

කෙසේ නමුත් ගින්නට හසුවීමෙන් මියගිය ගණන 5 ක් තෙක් ඉහළ ගොස් ඇත. තුවාලකරුවන් ද කඩිනමින් රෝහල්ගත කෙරුණු බව වාර්තා වේ. ගින්න හටගත්තේ ඊයේ (20) සවසය. 

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ සේරම් එන්නත් නිෂ්පාදන ආයතනය පිහිටා තිබේ. ගින්න හටගත් ගොඩනැගිලිවලින් දුම් වළා නැගෙන අයුරු ඉන්දීය රූපවාහිනි මාධ්‍ය වාර්තා කළේ සජීවීවය. 
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති ඔක්ස්ෆර්ඩ් එන්නත මහා පරිමාණයෙන් ඉන්දියාව තුළ නිපදවන්නේ 'කොවිෂීල්ඩ්' යන නමිනි. 

ඉන්දියානුවන්ට මේ වනවිට ලබා දෙන්නේ ද මෙම 'කොවිෂීල්ඩ්' එන්නතය. කොවිෂීල්ඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා මිලියන ගණනක් සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබේ.‍ 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom