ට්‍රම්ප්ගේ නියෝග අහෝසි කරයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 21, 2021

ට්‍රම්ප්ගේ නියෝග අහෝසි කරයි

ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දී, ධවල මන්දිරයට ගිය සැණින්, ජෝ බයිඩන් සිය රාජකාරි ආරම්භ කළේය. 

ඒ, ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කර තිබුණු විධායක නියෝග අහෝසි කරමින් නව විධායක නියෝග 15 ක් අත්සන් කරමිණි. 

ජනපති ධුරයේ දිවුරුම්දීමට පෙර සිට බයිඩන් දිගින් දිගටම කියා සිටියේ, තමන් ජනපති ධුරයට පත් වන පළමු දිනයේ සිට සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට කීකරු වෙමින්, ‘කොවිඩ් 19’ වයිරස වසංගතයට එරෙහිව සටන් කරන බවය. 

ඒ අනුව, ජනපති බයිඩන් නිකුත් කළ පළමු විධායක නියෝගය වන්නේ ෆෙඩරල් කාර්යාල තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමය. 
ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ පවුරක් ඉදිවෙමින් පවතින අතර ඊට මුදල් ප්‍රතිපාදන යෙදවීම පෙන්ටගනය (ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව) හරහා සිදුවෙයි. බයිඩන් නියෝග කළේ පෙන්ටගන් මුදල්ඒ  සඳහා ලබා නොගන්නා ලෙසය. 

මුස්ලිම් රටවල් 7 ක වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීමට ට්‍රම්ප් ගත් තීරණය බයිඩන් අහෝසි කළ බයිඩන්, සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් ලබා දුන් නියෝග අහෝසි කෙරුණි. 

ඉන්පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් පියවරගෙන තීබීම අහෝසි කිරීමට ද බයිඩන් පියවර ගත්තේය. 

පැරිස් සම්මුතිය සමඟ ඇමෙරිකාව යළි එක් කිරීම ද බයිඩන්ගේ ප්‍රමුඛතාවක් විය. තෙල් සහ වායු ලබා ගැනීම වෙනුවෙන් මහා පරිලානයෙන් සිදුවන කැණීම් වහා නැවැත්වීමට නියෝග කළේය. 

එම නියෝග සඳහා අත්සන් යෙදීමෙන් පසු, නව ජනපති බයිඩන්ගේ සහභාගීත්වයෙන්, ෆෙඩරල් පත්වීම් ලබා දීම සහ ධවල මන්දිර කාර්ය මණ්ඩලයට බයිඩන් පරිපාලන වෙනුවෙන් එක් වන සාමාජිකයන් දිවුරුම්දීම සිදුවිය.
රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom