බයිඩන් දිවුරුම් දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 21, 2021

බයිඩන් දිවුරුම් දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී දිවුරුම් දුන්නේ ය. 

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් අද එලෙස දිවුරුම් දුන්නේ ය. 

ඊට පෙර කමලා හැරිස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන්නා ය. 
කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය යි. 

ඇය ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, ඇමෙරිකානු අප්‍රිකානු සහ ඇමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වන්නී ය. 

ජනාධිපති ට්‍රම්ප් ගේ කලබලකාරී වසර හතරක ධුර කාලය අවසන් කරමින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ යැයි ද ඇමෙරිකානු මාධ්‍ය අද (20) වාර්තා ළේය. 

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම ඇමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ද විය. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom