පළමු කාන්තා උප ජනපතිනිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 20, 2021

පළමු කාන්තා උප ජනපතිනිය

බයිඩන්ගේ දිවුරුම්දීමෙන් පසු කමලා හැරිස් උප ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය. 

 ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වන පළමු අවස්ථාව මෙයයි. 

කමලා හැරිස් දිවුරුම් දෙනු ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය සෝනියා සොටොමෙයර් ඉදිරියේය. ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දෙන පළමු කාන්තාව පමණක් නොව, එම ධුරයේ දිවුරුම් දෙන සුදු ජාතිකයකු නොවන තැනැත්තා වන්නේ ද 56 හැවිරිදි කමලා හැරිස් ය. 

හැරිස්ගේ මව දකුණු ඉන්දියානුවකු වන අතර, පියා ජැමෙයිකා ජාතිකයෙකි. උප ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බැවින්, හැරිස් ඇගේ සෙනෙට් අසුනින් ඉවත් වූයේ පසුගිය 18 වැනිදාය. 
කමලා හැරිස් විවාහ වී සිටින්නේ නීතීඥවරයකු වන ඩග් එම් හොෆ් සමඟය. 

ඩග් එම් හොෆ් සහ ඔහුගේ කලින් විවාහයේ පුතු ද දිවුරුම්දීමට සහභාගී වනු ඇතැයි පැවැසෙයි. 

කමලා හැරිස්, ඩග් එම් හොෆ් සමඟ විවාහ වූයේ හොෆ් සිය පළමු බිරියගෙන් දික්කසාද වී සිටිද්දීය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom