‘ආයු’ ළඟදීම රිදී තිරයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 16, 2021

‘ආයු’ ළඟදීම රිදී තිරයට


රිය අනතුරකට මුහුණ දෙන ගැබිනියක්: සැඟවුණු රහසක්: ආයු

චත්‍ර වීරමන් සිංහල සිනමාවට අවතීර්ණ වූයේ “ආලෝකා උදපාදී” සිනමා නිර්මාණයෙනි. ‘ආයු’ වීරමන්ගේ නවමත සිනමා නිර්මාණයයි. 
විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදක වරයෙකු  ලෙසින් දොරට වඩමින් ද, සිංහල සිනමාවේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකා මහත්මියගේ දශක හයක රංගන චාරිකාවේ එකසිය පනස් පස් වන රංගනය සනිටුහන් කරමින් ද ‘ආයු’ රිදී තිරයට පැමිණෙනු ඇත.

දෛවෝපගත සිදුවීමක් මුල්කොට ගනිමින් ගෙතෙන විරාගික ප්‍රේම වෘත්තාන්තයක් ලෙස ‘ආයු’ හැඳින් විය හැකිය.

පිටපත නීතිඥ සමන් වීරමන් මහතාගෙනි. චත්‍ර වීරමන් සමඟින් ශක්ති වීරසිංහ එක්ව තිර රචනය ගොඩ නගා ඇත. 
පසුගිය දා ස්පාඤ්ඤයේ පැවැති බාසිලෝනා ආසියානු සිනමා උළෙල නියෝජනය කිරීමට සමත් වූ ‘ආයු’  සම්පූර්ණ ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණ ක්‍රමයට අනුව නිර්මාණය කර තිබීම ද සුවිශේෂත්වයකි.  

සැන්ඩ්‍රා මාක්, ජගත් මනුවර්ණ, මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනෙර විතානගේ, සමණලී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිඳු දොඩම්තැන්න, දසුන් පතිරණ , නලින් ලුසේනා, උදය අබේසුන්දර ඇතුළු නළි නිළියෝ බොහෝ දෙනකු ‘ආයු’ චිත්‍රපටය හැඩගන්වමින් එක් වී සිටිති.

කැමරා කරණයෙන් කාලිංග දේශප්‍රිය, නිෂ්පාදන සැලසුම් හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, අංග රචනයෙන් සහ කොණ්ඩා සැකසුමෙන් හර්ෂ මංජුල සමඟින් හරුන් ෂයිඩීන්, ශබ්ද සැලසුම්කරණයෙන්  ශෂික මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, නිෂ්පාදන කළමණාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රීමාල් රණසිංහ සහ ශෂික ගණේගොඩ චිත්‍රපටයට සම්බන්ධ වෙති.

චිත්‍රපටයේ සහය නිෂ්පාදනයට අනුරුද්ධ වීරමන් සමඟින් සමන් වීරමන් දායක වී සිටිති. ‘ආයු’ වීරමන් බ්‍රදර්ස් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.  
'ආයු' චිත්‍රපටයෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom