මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 5, 2020

අමයුරු කවි රස 3. සිංහල කවියේ සදැස් ලකුණ


අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.


ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    


මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   


අද අපි කථා කරන්නේ  සිංහල කවියේ සදැස් ලකුණ ගැන . කවි උදාහරණ ගනිමින් අප මේ වැඩසටහනින් කථාකරන්නේ සාගර පලන්සුරිය ( කේයස් ) , ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ එච් එම් කුඩලිගම යන කවීන් තිදෙනා ගැන. 


  සාගර පලන්සුරිය ( කේයස් )  

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ   

එච් එම් කුඩලිගම

මේ වැඩසටහනින් අප කතා කලේ  සිංහල කවියේ සදැස් ලකුණ......


කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

http://rupane.com/vimeo-video/rupane-episode-210-september-19-2020/

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 


කවි ගායනා - සරත් කුමාරසිංහ සහ චන්දි දහනායක  


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 


සංස්කරණය - පුබුදු වනිගසේකර 


සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 


විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 


Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 


අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images


               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.




6 comments:

  1. හොඳයි. නැවත බලන්න ඕනේ. සම්පුරණයෙන් බලන්න වෙලාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් ඉඩ තියෙන වෙලාවක බලලා අඩුපාඩු කියන්න.

      Delete
  2. හරිම අපුරු වැඩසටහනක්. ආයෙම බලන්න ඕනෙ නිවාඩු වෙලාවක. බොහෝම සතුතියි ඔබේ වටිනා කාලය යොදවලා මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම සම්බන්දයෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලියෝනි . ඔව් ආයෙමත් බලලා අඩුපාඩු කියන්නකො .

      Delete
  3. ඔයාගෙ වැඩසටහන් හැම එකක්ම හරිම ලස්සනයි මල්ලි.හැමදාමත්ම කියනවා වගෙම ඔයා ලබාදෙන තොරතුරු හරිම වැදගත් වගෙම වටිනවා ගොඩක්ම.
    විවිධ මාධ්‍ය හරහා දුරින් හිඳ ඔයා කරනා කැපවීම අගය කරනවා හැමවෙලාවකමත් හැමදාමත්.
    ඉඩක් ලැබෙන වෙලාවට ඒ වෙලාවටමත් අනිත් වෙලාවට පසුව හෝ මම නම් බලනවා.ඔයාට නැවත නැවතත් සියලු වැඩකටයුතු සඳහා දිරිය හා ශක්තිය පතනවා.

    ReplyDelete
    Replies
    1. රේණුකා අක්කා ඔබේ අදහස් සහ ඇගයීමට බොහොම ස්තුතියි.

      Delete