Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තිරසර මිරිදිය ධීවර ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව


ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ප්‍රජා අභිලාස ජාලය සමගින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා සහ මහාචාර්ය කුලරත්න මහතාගේ මූලිකත්වයෙන් 2020 නොවැම්බර් මස 30 වන දින තිරසර මිරිදිය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම උදෙසා මිරිදිය ධීවරයින්ගෙන් අදහස් තොරතුරු හා යෝජනා ලබා ගැනීම සිදු විය. කෙසේ වෙතත්, මෙතෙක් අඩුපාඩුවක්ව පවතින තිරසර මිරිදිය ධීවර ප්‍රතිපත්තියක් නොමැති කම මිරිදිය ධීවර කර්මාන්තයේ අනාගතයට විශාල තර්ජනයක් මෙන් ම අනතුරකට අතවැනීමක් ලෙස සදහන් කළ හැක.

ශ්‍රී ලංකාව හා ඒ අවට මිරිදය හා කරදිය ජල මූලාශ්‍රවල උපරිම විභවය ප්‍රශස්ත කරමින් ශ්‍රී ලංකා ජනතාවගේ ආහාර සුරක්‍ෂිතාවය හා ජීවනෝපාය සුරක්‍ෂිත කිරීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වේ. තිරසර ධීවර ප්‍රතිපත්තියක් සදහා මහජන අදහස් ලබා ගැනීමේ කොමිසමක් වශයෙන් ආරම්භ කළ මෙය අද වන විට මොනරාගල, ගාල්ල මීගමුව, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල මිරිදිය ධීවරයින් මුණ ගැසී මිරිදිය ධීවර කර්මාන්තයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. පැතිර යන නව කොරෝනා තත්ත්වය හමුවේ ඔන්ලයින් තාක්ෂණය හරහා මෙම වැඩසහන පැවැත්වු අතර මෙම දිස්ත්‍රික්වල කලපු ධීවරයින් මුහුණ දෙන ගැටලු හා කලපු හා කරදිය කර්මාන්තයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදි සහභාගිකයින් විසින් තිරසර මිරිදිය ප්‍රතිපත්තියක් සඳහා අවැසි යොජනා ද මෙහිදි ඉදිරිපත් කෙරෙනි. මෙම අවස්ථාවේදී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුලරත්න මහතා විසින් කලපු ධීවරයින්ගේ අදහස් ලබා ගෙන සැකසු දත්ත වර්තාව ඉදිරිපත් කර විශ්ලෙෂණයක යෙදුණි. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කාරතුමන් විසින් කලපු ධීවර කර්මාන්තයේ ධීවරයින්ගේ එකතුවක් නිර්මාණය කිරීම සදහා අවැසි යොජනා රැසක් මෙහිදි ඉදිරිපත් කරන්නට වූහ.

මෙම අවස්ථාව සදහා මීගමුව පොළොන්නරුව ගාල්ල මොනරාගල පුත්තලම කුරුණෑගල සම්බන්ධිකාරකවරුන් මෙන්ම කලපු ධීවරයින් ද සම්බන්ධ වූහ
.