Dambulla Viiking සංචිතයට අලුත් සාමාජිකයෙක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

925

Dambulla Viiking ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ආබාධයකට ලක්වී සිටීම නිසා, 25 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩකයෙකු වන සදීර සමරවික්‍රම Dambulla Viiking සංචිතය සඳහා කැඳවා තිබේ.

මෙවර LPL තරගාවලිය තුල දී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 22ක සංචිතයක් රඳවා ගැනීමට LPL තරගාවලි සංවිධායකයින් අවසර ලබා දී තිබෙන නමුත් Dambulla Viiking සංචිතය තුල දැනට සිටින්නේ ක්‍රීඩකයින් 21 දෙනෙකු පමණි. 

ඕෂදගේ ආබාධය නිසා ඔහුට ඉදිරි තරග කිහිපයක් මඟ හැරී යන නිසාවෙන් Dambulla Viiking සංචිතයේ ක්‍රීඩකයින් ගණන 20 දක්වා අඩුවන නිසාවෙන් සදීර සමරවික්‍රම ඔවුන්ගේ සංචිතය සඳහා ඇතුළත් කර ගැනීමට අවශ්‍ය අවසර ලැබී ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

LPL සඳහා ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කර ගැනීමේ දී (player draft) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන සදීරව කිසිම කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැත. කෙසේ නමුත් අනෙක් ක්‍රීඩකයින් මෙන්ම සදීර ද අනිවාර්ය නිරෝධායන කාලය පසු කළ යුතු නිසාවෙන් Dambulla Viiking කණ්ඩායමේ 5 වැනි තරගයේ සිට සදීරව ඔවුන්ගේ අවසන් ක්‍රීඩකයින් 11 සඳහා ඇතුළත් කර ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.

2014 වසරේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කළ සදීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශයෙන් තුනෙන්ම ජාත්‍යන්තර වරම් දිනා ගත් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහු 2016/17 දේශීය ක්‍රිකට් තරග වාරයේ දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් වූ අතර එම තරග වාරයේ දැක්වූ දස්කම් නිසාවෙන් 2016/17 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ දී දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගැනීමට සදීරට හැකි විය.

Dambulla Viiking සංචිතය – Dasun Shanaka (නායක), Niroshan Dickwella, Lahiru Kumara, Oshada Fernando, Kasun Rajitha, Lahiru Madushanka, Upul Tharanga, Angelo Perera, Ramesh Mendis, Pulina Tharanga, Ashen Bandara, Dilshan Madushanka, Kavindu Nadeeshan, Sachindu Colombage, Malinda Pushpakumara, Sadeera Samarawickrama, Samit Patel, Paul Stirling, Aftab Alam, Anwar Ali, Samiullah Shinwari, Sudeep Tyagi

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<