LPL හි දේශීය විකාශන අයිතිය ITN සතු වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

5057

නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් (My11Circle LPL 2020)’ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය ලබා ගැනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) සමත් වී ඇත.

ඒ අනුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ එක් නාලිකාවක් වන ‘වසන්තම් TV’ (Vasantham TV) ඔස්සේ සම්පූර්ණ තරගාවලිය සජීවීව නැරඹීමට ශ්‍රී ලාංකික ඔබට අවස්ථාව උදා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

තවද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN නාලිකාව ඔස්සේ ද වැඩසටහන් අතරතුර හැකි සෑම විටම සජීවීව තරග විකාශය සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර ITN හි වැඩසටහන් විකාශය වන වේලාවන්හී දී සජීව යාවත්කාලීන කිරීම් (Live Updates) ලබා දීමට ද නියමිතය.

ඊට අමතරව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ‘ලක්හඬ’ (FM 93.5/93.7) සහ ‘වසන්තම් FM’ (FM 102 6/102 8) ගුවන් විදුලි නාලිකා ඔස්සේ ද ඔබට LPL තරගාවලිය සජීවීව ශ්‍රවණය කිරීමට හැකියාව ලැබේ.

පළමු වරට පැවැත්වෙන මෙම LPL තරගාවලිය ජාත්‍යන්තර වශයෙන් විකාශනය කිරීමේ අයිතිය Sky Sports (මහා බ්‍රිතාන්‍ය), Geo TV (පාකිස්තානය) සහ PTV (පාකිස්තානය) යන නාලිකා විසින් ලබා ගෙන ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<