ප්‍රබල මුහුණක් ඉන්දීය සංචිතයෙන් ඉවතට

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2020/21

1963

ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වන ඉන්දියානු එක්දින, ටෙස්ට් සහ විස්සයි සංචිතයන් අද (26) දිනයේ නිවේදනය කර තිබුනි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල නිවේදනයට අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායක සහ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා මෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ඉශාන්ට් ශර්මා එම සංචිතයන්ට නම් කර නොමැත. 

සංචාරක ඉන්දියානු කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරග හතරක්, විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රෝහිත් ශර්මා සහ ඉශාන්ට් ශර්මා මෙම සංචාරයට නම් කර නැත්තේ ඔවුන් දෙදෙනාම ආබාධ වලින් පෙළීම හේතුවෙනි. 

ඉන්දියානු ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව සඳුදා දිනයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වී කණ්ඩායම් තෝරාගැනීම සිදුකිරීම විශේෂත්වයකි. 

ඉන්දියානු විස්සයි විස්ස සංචිතය – විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, මයන්ක් අගර්වාල්, කේ. එල්. රාහුල් (උප නායක), ශ්රේයාස් අයියර්, මනිෂ් පාන්ඩේ, හර්දික් පාන්ඩ්යා, සංජු සැම්සන්, රවින්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් ෂමි, නව්දීප් සයිනි, දීපක් චහාර්, වරුන් චක්‍රවර්ති.  

ඉන්දියානු එක්දින සංචිතය – විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, ශුබ්මන් ගිල්, කේ. එල්. රාහුල් (උප නායක), ශ්රේයාස් අයියර්, මනිෂ් පාන්ඩේ, හර්දික් පාන්ඩ්යා, මයන්ක් අගර්වාල්, රවින්ද්‍ර ජඩේජා, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් ෂමි, නව්දීප් සයිනි, ශර්දුල් තාකුර්. 

ඉන්දියානු ටෙස්ට් සංචිතය – විරාට් කෝලි (නායක), මයන්ක් අගර්වාල්, ප්‍රිත්වී ෂෝ, කේ. එල්. රාහුල්, චේතිශ්වර් පුජාරා, අජින්ක්‍යා රහනේ (උප නායක), හනුමා විහාරි, ශුබ්මන් ගිල්, විරිදිමාන් සහ, රිශාබ් පන්ට්, ජස්ප්‍රිත් බුම්රාහ්, මොහොමඩ් ෂමි, උමේෂ් යාදව්, නව්දීප් සයිනි, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජඩේජා, ආර්. අශ්වින්, මොහොමඩ් සිරාජ්. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

අමතර පන්දු යවන්නන් ලෙස කමලේෂ් නගර්කෝටි, කාර්තික් ත්‍යාගි, ඉශාන් පෝරෙල් සහ ටී. නටරාජන් නම් කර තිබීම විශේෂත්වයකි. ඔවුන්ද ඉන්දීය සංචිතයන් සමඟ ඕස්ට්‍රේලියාව කරා පිටත්ව යෑමට නියමිතය. 

ගෙවුනු සති අන්තයේ එක් තරගයක දී කඩුලු පහක් දවාගත් වරුන් චක්‍රවර්තීට පළමු වරට ඉන්දීයාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමිව තිබීම මෙහි තවත් විශේෂත්වයකි. එමෙන්ම Kings XI Panjab නායක කේ. එල්. රාහුල් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්හි උපනායකයා ලෙස ද නම් කර තිබේ. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<