HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොබෙල් සම්මානයට මග පෑයූ රුපියල් 7ක් වටිනා කතාවක්!

ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාභී විද්‍යාඥයා වූ මහාචාර්ය සී. වී. රාමන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැංගලෝරයෙන් පර්යේෂණායතනයක් ආරම්භ කිරීමට කල්පනා කළා. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ නමින් පුවත්පත් දැන්වීමක් පළ කළා, භෞතික විද්‍යාඥයන් තිදෙනකු සේවයට බඳවා ගැනීමට අවශ්‍ය බව කියා. 

ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාහී
භෞතික විද්‍යාඥ මහාචාර්ය සී. වී. රාමන්

ඒ සඳහා ඉල්ලුම් පත් රැසක් භෞතික විද්‍යාඥයන්ගෙන් ලැබුණා. බොහෝ විද්‍යාඥයන් ඒ සඳහා ඉල්ලුම් ක‍ළේ තමන් තේරුණේ නැතත් අඩු තරමින් එයින් ඒ කීර්තිමත් මහාචාර්යවරයා හමු වීමට වත් එය අවස්ථාවක් කර ගත හැකි වෙතැයි සිතූ නිසයි. 

මූලික තේරීම්වලින් පසු පස් දෙනෙකුට අවස්ථාව ලැබුණා, මහාචාර්ය රාමන් හමුවීමට. ඒ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා. ඒ අවසන් පරීක්ෂණය පැවැත් වූයේ මහාචාර්ය රාමන් විසින්මයි. ඒ පස් දෙනා අතරින් තමන්ට අවශ්‍ය තුන් දෙනා තෝරා ගත්තේ එතුමායි. 

පසුදා උදේ මහාචාර්යවරයා සුපුරුදු පරිදි සිය සක්මනෙහි යෙදී ආපසු එමින් සිටියදී එක් තරුණයෙක් එතුමන් හමුවන බලාපොරොත්තුවෙන් ඒ මග රැඳී සිටියා. ඒ තරුණයා තමා විසින් පෙරදා සම්මුඛ පරීක්ෂණයෙන් පසු ප්‍රතික්ෂේප කළ දෙදෙනාගෙන් කෙනෙකු බව එතුමා දුටු විගස හඳුනා ගත්තා. ඒත් ඒ තරුණයා තමාගේ ඥාතියකු බවවත් එතුමා දැන සිටියේ නෑ. 

‘මොකද ඉලන්දාරියා ප්‍රශ්නේ?’ එතුමා ඒ තරුණයාගෙන් ඇසුවා. 

තමාට කිසිදු ප්‍රශ්නයක් නැති බව ඉතා ගරුසරු ඇතිව කී ඒ තරුණයා තමා ඊයේ එතුමා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් පසු එතුමාගේ කාර්යාලයෙන් තමාගේ ගමන් වියදම් වශයෙන් තමා ඉල්ලුම් කළ මුදලට වඩා රුපියල් 7ක් වැඩිපුර ගෙවා ඇති බවත් තමාට ඒ මුදල ආපසු දීමට අවශ්‍ය වුනත් ගිණුම් අංශය වසා ඇති නිසා ඒ මුදල ආපසු බාර ගැනීමට හැකියාවක් නැතැයි කියා ඒ මුදල තමාට කැමති දෙයක් කෑමට වැය කරන්නැයි ඔවුන් කී බවත් පැවැසූ තරුණයා තමාට අයිති නැති මුදලක් ගැනීම සුදුසු නැතැයි තමා සි.න බවත් කියා සිටියා. 

‘ඔබට අවශ්‍ය ඒ රුපියල් 7 ආපසු දීමට නේද?’ කියා ඇසූ මහාචාර්ය වරයා ඒ රුපියල් 7 තරුණයා අතින් ගත්තා. අරන් පියවර කීපයක් ඉදිරියට ගිය එතුමා ආපසු හැරී තරුණයාට කීවා පසුදා උදේ 10.30 ඇවිත් තමා හමුවන ලෙසට. 

තරුණයා බොහෝ සේ සතුටු වුණා යළිත් වරක් ඒ ශ්‍රේෂ්ඨයා හමුවීට තමාට අවස්ථාක් ලැබීම ගැන. 

නොබෙල් සම්මානලාහී භෞතික විද්‍යාඥ මහාචාර්ය සුබ්‍රමානියම් චන්ද්‍රශේඛර්.

තරුණයා කී වෙලාවට හරියට මහාචාර්යවරයා හමුවීමට ගියා. එහි දී ඔහුට මහාචාර්ය වරයා කීවේ මෙහෙම කතාවක්.’පුතා, ඔබ භෞතික විද්‍යා පරීක්ෂණයෙන් අසමත්වුනක් අවංකකම පිළිබඳ පරීක්ෂණයෙන් සමත්. ඒ නිසා මම ඔබට නව රැකියා අවස්ථාවක් ඇති කළා.’ එවේලේ ම ඔහු ඒ රැකියාවට බඳවා ගත්තා. 

තරුණයා පුදුමයට පත් වුණා. ඉතා කැමැත්තෙන් ඒ රැකියාව බාර ගත්තා. එහෙත් ඔහුගේ ඒ ගමන එතැනින් නැවතුණේ නැහැ. ඔහු වැඩිදුර අධ්‍යයනය සඳහා එංගලන්තයටත් එතැනින් ඇමරිකාවටත් ගියා. ඇමරිකාවේ පුරවැසිකමද ලැබුවා. රාමන්ටත් වැඩි කීර්තියක් අත්කරගත් ඔහු පසු කලෙක 1983 දී නොබෙල් සම්මානයකින් පවා ඔහුත් පිදුම් ලැබුවා. ඒ තරුණයා තමා මහාචාර්ය සුබ්‍රමානියම් චන්ද්‍රශේඛර්. ඔහු ‘මගේ ජීවිතය වෙනස් කළ රුපියල් 7 කියලා’ පොතක් ලියලා මේ බව සඳහන් කරලා තියෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments