Parliamentary Election 2020 – Media coverage on CMEV Election Observation Process

The media is a stakeholder that can never be excluded in any country in which democratic elections are conducted. Regardless of whether the media entity is conventional and mainstream or alternative and new, media behavior indisputably affects the integrity of any election. Continued election observation undertaken by the Centre for Monitoring Election Violence (CMEV) over several decades in Sri Lanka has strongly proven that the role of the media in the electoral process in the country is decisive.

While there is an ongoing discussion concerning the role of the media in this country, what is of utmost significance is establishing practices where the strong connectivity between the media and elections can be considered together, rather than allowing the media to be considered as a factor detached from the electoral process.

Accordingly, the objective of this small booklet designed and published by CMEV is to provide a glimpse of the nature of reporting carried out by mainstream newspapers during the election period. This reporting carried news and perspectives on the election to voters as the campaign unfolded. Sri Lankan newspapers have wide and increasing circulation across the country and thus have the power of informing and shaping the views of society, across any issue connected to elections. What is collated in this publication is the perspectives of a diverse range of newspapers having such circulation during the election.

පාර්ලිමේන්තු මැතිවරණය 2020 – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා සබැඳි මාධ්‍ය වාර්තාකරණය 

ප්‍රජාතන්ත්‍රීය  භාවිතයක් සහිත මැතිවරණ ක්‍රමවේදයක් අනුදත් කවර රාජ්‍යයක හෝ මාධ්‍ය යනු කිසිලෙසකත් බැහැර කල නොහැකි පාර්ශ්වකරුවෙකි. සම්ප්‍රදායික හෝ නව මාධ්‍ය වේවා එකී කවර මාධ්‍යයක හෝ හැසිරීම නිසැකව ම මැතිවරණයේ සුපිළිපන්නබව කෙරෙහි බලපෑමක් ඇති කරන්නේය. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ද මැතිවරණ ක්‍රියාවලිය තුළ දිස්වන මාධ්‍ය භූමිකාව අතිශය තීරණාත්මක බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) අඛණ්ඩව සිදුකරමින් තිබෙන මාධ්‍ය නිරීක්ෂණ හමුවේ තහවුරු වන කරුණකි.

එකී මාධ්‍ය හැසිරීම පිලිබඳව  දැනටමත් මෙරටේ යම් සමාජ කථිකාවක් නිර්මාණය වෙමින් තිබෙන අතර වඩාත් වැදගත් සාධකය වන්නේ මාධ්‍ය තවදුරටත් මැතිවරණ ක්‍රියාවලියෙන් වියුක්ත සාධකයක් ලෙස නොසලකා මැතිවරණ කෙරෙහි එහි පවත්නා අවියෝජනීය සබඳතාව වඩාත් සවිමත් වන ආකාරයේ භාවිතාවක් වෙත අවතීර්ණ වීමයි.  

එහිලා මැ.ප්‍ර.නි. මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශිත මෙම කුඩා ප්‍රමාණයේ ප්‍රකාශනයෙහි අරමුණ වන්නේ සම්ප්‍රදායික එනම් මුද්‍රිත මාධ්‍ය මැතිවරණ සමයේ සිදුකරන ලද වාර්තාකරණයේ හැඩරුව පිලිබඳ මැතිවරණ කෙරෙහි ආශක්ත පිරිස වෙත යම් හැඟීම් මාත්‍රයක්  ලබා දීමයි. ජන්දදායකයන් දැනුම්වත් කිරීම මතු නොව මැතිවරණ හා සබැඳි ඕනෑම ආකාරයක තේමාවක් පිලිබඳ සමාජය අවදි කිරීමෙහිලා පුවත්පත් සතු අසහාය බලයට අභියෝග කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. මෙකී ප්‍රකාශණය තුළින් ද විද්‍යමාන වන්නේ මෙරටේ ප්‍රචලිත විවිධ මට්ටමේ පුවත්පත් මැතිවරණය කෙරෙහි දක්වා ඇති ආකල්පයෙහි හරස්කඩකි.

Download in here

1 thought on “Parliamentary Election 2020 – Media coverage on CMEV Election Observation Process”

  1. Pingback: CMEV publishes booklet on media coverage of Sri Lankan polls – Asian Network for Free Elections

Comments are closed.

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Scroll to Top