මාමණ්ඩිට වෙන් කළ අර්ධ ශතකය

547
(HindustanTimes)

Kolkata Knight Riders පිතිකරු නිතිෂ් රානා අද (24) Delhi Capitalsට එරෙහිව පැවති තරගයේ දී අනර්ඝ අර්ධ ශතකයක් වාර්තා කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමිනුයි. එම අර්ධ ශතකය ඔහු සැමරූ ආකාරයට කාගේත් අවධානය යොමු වී තිබුණා. 

පසුගිය සිකුරාදා මෙලොව හැර ගිය සිය මාමණ්ඩිය වෙනුවෙන් ‘Surinder’ යැයි මාමණ්ඩියගේ නම සඳහන් KKR ජර්සියක් ප්‍රදර්ශනය කරමින් ඔහු සිය අර්ධ ශතකය තමාගේ මාමණ්ඩියට පුද කළා.

පිතිකරණ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ පන්දුවට පහර දුන් රානා දිල්ලි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ඔහු පන්දු 35ක දී සිය අර්ධ ශතකය සම්පුර්ණ කරන්නට සමත් වුනා. පන්දු 53ක දී ලකුණු 81ක් රැස් කළ ඔහු හතරේ පහර 13ක් වාර්තා කළා. 

සුනිල් නරීන් ද හතරේ පහර හතරක් හා හයේ පහර හතරක් සමඟින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළේ Royal Challengers Bangalore සමඟ පෙර තරගයේ අමිහිරි මතක මුලිනුපුටා දමමින්.

තවත් ක්‍රිකට් පුවත්: 

නරීන් පන්දු 34ක දී ලකුණු 64ක් රැස් කළේ KKR ලකුණු පුවරුව ලකුණු 194ට කඩුලු 6 සීමාවට රැගෙන යමින්. රානා හා නරීන් පන්දු 59ක දී ලකුණු 115ක සබඳතාවයක් ගොඩ නගන්නට සමත් වුනා. 

“අපි ලකුණු 160ක් තමයි ඉලක්ක කරන් හිටියේ, ඒ වුනාට ලකුණු 194කට යන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේක හොඳ පිතිකරණ තණතීරුවක්. මම හිතන්නේ වේගපන්දු යවන්නන්ට යම් වාසියකුත් තිබෙනවා” නරීන් මාධ්‍ය හමුවේ තරගයෙන් පසුව පවසා තිබුණා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<