Tuesday, October 20, 2020

වසර 67 කට පසුව, කාන්තාවකට මරණ දඬුවම


මෙරිකාවේ ප‍්‍රාන්ත රාජ්‍යයන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලද නමුත්, මධ්‍යම රජය විසින්, එය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ට‍්‍රම්ප් පාලනය විසින්ය.

මේ වසර තුල, රජය විසින්, මාරාන්තික රසායනික ද්‍රව්‍යය ශරීරයට එන්නත් කිරීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් කර තිබේ. මේ වසරේ දෙසැම්බර් යේ දී දෙදෙනෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නියම කර තිබේ.

එ් අතර, ලීසා මොන්ටිනොමරි ද වේ. ඇය 2004 දී, ගැබිනි කාන්තාවකගේ ගෙල සිර කර මරා, ඇගේ කුසේ සිටි, අටමස් හැවිරිදි දරුවා, බඩ කපා අරගෙන ඇත.

ප‍්‍රාන්ත රාජ්‍යයන් මරණ දඬුවම ක‍්‍රියාවට නැගුවද, ට‍්‍රම්ප් පාලනය එය කි‍්‍රයාවට නංවන තෙක් මධ්‍යම රජය විසින්, මරණ දඬුවම පැමිණවීම අත්හිටුවා තිබිණ.

මැයට, මාරාන්තික විෂ රසායනික ද්‍රව්‍යය එන්නත් කිරීම, එරට ඉන්දියානා විශෝධනාගාරයේදී දෙසැම්බර් 08 සිදුකිරීමට නියමිතය.

මෙම වසරේ ඇමෙරිකාව 14 කට මරණ දඬුවම ක‍්‍රියාත්මක කර තිබේ. එයින් 10 ක්ම සුදු ජාතිකයන් වන අතර, එක් අයෙකු පමණක් විදුලි පුටුවේ තබා මරණයට පත් කර ඇත. සියලූම දෙනා පිරිමින්ය.

ලීසා මොන්ටිනොමරි විසින් ඝාතනය කරන ලද බොබල්ජෝ සිට්නම් ගේ කුස සිටි දරුවා නිරුපද්‍රිතව බේරීම, විශ්මය ජනක වූ බව වාර්තා වේ.


 

No comments:

Post a Comment