ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩකයින් කාණ්ඩගත වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

4401
Lanka Premier League

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීම (player draft) අද (19) දින අන්තර්ජාල වීඩියෝ දුරකථන සංවාදයක් හරහා සිදුවූ අතර ඒ සඳහා දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර සහ කොළඹ යන කණ්ඩායම් වල පුහුණුකරුවන් සහ කණ්ඩායම් අයිතිකරුවන් සහභාගී වී සිටියේය. 

ගාල්ල Gladiators, මහනුවර Tuskers, දඹුල්ල Hawks, කොළඹ Kings, යාපනය Stallions යන කණ්ඩායම් ලංකා ප්‍රිමියර් ලීගය සඳහා එක්වන කණ්ඩායම් පහේ නිල තරග නාමයන් වේ. එහිදී එක් කණ්ඩායමකට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදේශ ක්‍රීඩකයින් හය දෙනෙකු තෝරාගැනීමේ හැකියාව උදාවිය. 

තවත් ක්‍රිකට් පුවත්: 

එක් එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී දේශීය ප්‍රධාන ක්‍රීඩකයින් – 1, Marquee – 2, විදේශ ඉහළ ක්‍රීඩකයින් – 2, දේශීය ඉහළ ක්‍රීඩකයින් – 4, විදේශ ක්ලැසික් – 2 , දේශීය ක්ලැසික් – 3, දේශීය නැගී එන – 2, අතිරේක දේශීය – 4 ලෙස වර්ගීකරණය කර මෙම ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීම සඳහා ඇතුළත් කර තිබුනි. 

ගාල්ල Gladiators 

  • Local Icon – ලසිත් මාලිංග. 
  • Marquee – ශහීඩ් අෆ්රිඩි, කොලින් ඉන්ග්‍රම්.  
  • Gold Overseas – හස්රතුල්ලා සසායි, මොහොමඩ් අමීර්. 
  • Gold Local – දනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල දනංජය, මිලින්ද සිරිවර්ධන. 
  • Classic Overseas – සෆ්රාස් අහමඩ්, අසාම් ඛාන්. 
  • Classic Local – ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු. 
  • Emerging Local – නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්. 
  • Supplementary Local – ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න. 

දඹුල්ල Hawks 

  • Local Icon – දසුන් ශානක. 
  • Marquee – ඩේවිඩ් මිලර්, කාර්ලොස් බ්‍රත්වෙයිට්. 
  • Gold Overseas – සමිට් පටෙල්. 
  • Gold Local – නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රජිත. 
  • Classic Overseas – පෝල් ස්ටර්ලින්. 
  • Classic Local – ලහිරු මධුසංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා. 
  • Emerging Local – රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග. 
  • Supplementary Local – අශේන් බණ්ඩාර, ඩිල්ශාන් මදුසංක, කවිඳු නදීශාන්, සචිඳු කොළඹගේ. 

කොළඹ Kings 

  • Local Icon – ඇන්ජලෝ මැතිව්ස්. 
  • Marquee – ඔන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලේසිස්.
  • Gold Overseas – මන්ප්‍රීත් සිං ගෝනි, මන්වේන්ද්‍ර බිස්ලා. 
  • Gold Local – ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු. 
  • Classic Overseas – රවීන්ද්‍රපාල් සිං. 
  • Classic Local – දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තික්ෂිල ද සිල්වා. 
  • Emerging Local – ලහිරු උදාර, තරිඳු කෞෂාල්. 
  • Supplementary Local – හිමේෂ් රාමනායක, කලන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන. 

මහනුවර Tuskers 

  • Local Icon – කුසල් ජනිත්. 
  • Marquee – ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්. 
  • Gold Overseas – වහබ් රියාස්. 
  • Gold Local – කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න. 
  • Classic Overseas –  නවීන්උල් හක්. 
  • Classic Local – කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා. 
  • Emerging Local – කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය. 
  • Supplementary Local – ලහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ, ඉශාන් ජයරත්න. 

යාපනය Stallions 

  • Local Icon – තිසර පෙරේරා. 
  • Marquee – ඩේවිඩ් මලාන්, වනිඳු හසරංග. 
  • Gold Overseas – ශොයිබ් මලික්, උස්මාන් ශින්වාරි. 
  • Gold Local –  අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු. 
  • Classic Overseas –  අසීෆ් අලී. 
  • Classic Local – චතුරංග ද සිල්වා, මිනෝද් භානුක. 
  • Emerging Local – චරිත් අසලංක, මහේෂ් තීක්ෂණ. 
  • Supplementary Local – නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියාස්කාන්ත්, තෙවෙන්තිරාන් දිනූෂාන්, කනගරත්නම් කපිල්රාජ්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<