.

.

Oct 19, 2020

බදුර්දීන් නාඩගම... ඉවර නැත



බදූර්දීන් අත් අඩංගුවට ගනීමේ කෝළමට, ආන්ඩුව ගෑවුනා යයි කියා මාතලන් සිතන්නේ නැතිය. මන්ද රාජ්‍ය ආරක්ෂක ඇමති මෙන්ම ආරක්ෂක ලේඛම්ද බදුර්දීන්ට සුදු හුණු ගෑවේ ඊයේ පෙරේදාය.

එහෙත් මෙය.., ආන්ඩු හිතවාදීන්ට නම් කිසිසේත් දිරෙව්වේ නැති බව සමාජ මාධ්‍යවලදි පැහැදිලිවම දකින්නට ලැබුනේය. ඊට හේතුව රිෂාඩ්ගේ සහෝදරයා නීතී විරෝධීව නිදහස් කිරීමය. 

යලිත් ඔහු අත් අඩංගුවට ගන්නවාද නොගන්නවාද කියනා එක පොලීසියේ වැඩක්ය. මන්ද ඔහු කෙලින්ම ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බව කියන්නේ යහපාලන හමුදාපති නිසාය. 

ඒ තවත් කෝළමකි.... එකම විකාරයකි... වග කියන්න ඕන කව්දැයි කියා සාක්කි දෙන්න එන පිස්සන්ගෙන්ම අසනා රස සාගරයකි....

බොහෝ විට ලංකාවෙ මෙතෙක් පැවති කොමිසම් වාර්ථා වාගේම වාර්ථාවක් තබා අතීතයට එක් විය හැකි බව කාගේත් මතයය. 

එය වෙනස් කල හැක්කේද ආන්ඩුවටම මිස වෙන කිසිවකුටත් නොවේ. 

අප දේශපාලන පොරොන්දු හා මැතිවරණ ප්‍රකාශණ කිසිසේත් විශ්වාස නොකරනා මුත්, ඒවා විශ්වාස කර චන්දය දෙන පිරිසක්ද රටේ ඉන්නා බව කාටත් වඩා හොඳින් පාලකයෝ නම් දන්නවාය. 

ලන්ඩන් වල ඉන්නා පට්ට ලිබරල් පොරවල් පැඩ් පොරොන්දු නායකයන්ගේ ඇජෙන්ඩා වලට රිංගවන්නේ මේ නිසාමය. 

කෙසේ හෝ 20 සම්මත කර ගැනීම සඳහා ඩීල් එකක් යන බවට ගිය කටකතා මේ හේතුවෙන් උඩට ආවෙය. 

ආන්ඩුවේ රෙදි ගැල උනේය. 

බදුර්දීන්ගේ මල්ලි යලිත් අත් අඩංගුඅට ගන්නෙයි කියා ආන්ඩු පක්ෂයේ 100 දෙනෙක්, පෙස්සමක් අරගෙන ගිහින් ජනාධිපති තුමාට දෙන්නේ මේ නිසාවෙන්ය. 

ඒ අස්සේ නීතිපති නියෝගයක් දෙන්නේ මල්ලි නොව අයියා අත් අඩංගුවට ගැනීමටය. 

ඒ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නොවේ. බස් කේස් එකක් සම්බන්ධයෙන්ය. 

පාතාල නායකයෙක් වෙන පොඩි ලැසීටත් ඇප දී එලියට එන රටේ..., බදුර්දීන් එලියට එන එක ඉර හඳ වාගේ ෂුවර් කේස් එකක්ය. 

මෙයින් උනේ මල්ලි අල්ලන කේස් එක යට යන එකය. නමුත් අයියාටත් වඩා අවශ්‍ය වී තිබුනේ මල්ලිය. 

මේවා කොහෙන් කෙලවර වේදෝ කියා කියන්න්නට නම් අප දන්නේ නැතිය. 

හැබයි වැඩක් කරන්නට ආ ඝෝඨාට අංචි අදින්නට හැම එකාම පුකවල් ඉරාගෙන ගේමක් දෙන බව නම් ඉතා පැහැදිලිය.

අපට නම් කීමට ඇත්තේ එක දෙයකි. 

මේ පාලන කාළය තුල බදුර්දීන්ලා ආන්ඩුවට එකතු වුව හොත්..., හැලී යන බයි චන්ද සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බවය. මන්ද මේ වනතෙක් මේ ආන්ඩුවෙන් ලැබුන ලබ්බක් නැති නිසාය.


ගැසට් හැහුවාට වෙළෙන්දෝ ඒවා පයිසෙකට මායිම් කරන්නේ නැතිය. අයියා පාට් දැමූ පාරිභෝකික අධිකාරියේ මේජර් උන්නැහේ.., ඩඩ්ලි සිරිසේන ළඟ බල්ලා මාක් වූ නිසා.., දැන් එකෙක්කත් උන්නැහේත් ගනන් ගන්නේ නැතිය....

උන්නැහේටත් කලිසමක් ඇඳන් එලියට එන්නට බැරි කමකුත් ඇතිය.. 

ඒ නිසා මේ මොහොතේ කට පුක වසාගෙන උන්නද, චන්දයක් ආපු වෙලාවට එන තීරණයන් බොහෝ අය හොල්මන් කරනා තීරණයන් විය හැකිය.

රනිල් වික්‍රමසිංහලාට වූ දේ කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඔවුන්ගේ අනාගත දේශපාලන ගමනේ හිත සුව පිණිසම වනු ඇතිය...

මේ රටේ ආන්ඩු වෙනස් කරන්නේ විපක්ෂ බලවේග නොව.... ආන්ඩුවලින් පරිප්පු කන ජනතාව බව කවුරු කවුරුත් අවබෝධ කර ගත යුතුය....

ඒ වගත් මෙසේය...


3 comments:

  1. බදුර්ඩින් නුඹ කොතැනද අද දවසේ......

    ReplyDelete
  2. බදුර්දීන්ව හෙට අනිද්දා බස් පෙන්නන්න එක්කං යාවිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න