ශ්‍රී ලංකා ක්‍රිකට් හෙල්මට් එකට නිල අනුග්‍රාහකයෙක්

299

2020 අගෝස්තු මස 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩක හෙල්මට් (Cricket Helmet) අනුග්‍රාහකයා ලෙස Masuri Group Limited ආයතනය කටයුතු කරනු ඇත.

එංගලන්ත මුල්කරගත් ආයතනයක් වන Masuri Group Limited ආයතනය යනු ලොව ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැඩි කැමැත්තක් සහ වැඩි ආකර්ෂණයක් දිනා ගත් ක්‍රීඩක හෙල්මට් නිෂ්පාදනය කරන ආයතනයක් සහ වෙළඳ නාමයක් ය.

තවත් ක්‍රිකට් පුවත්

ඒ අනුව Masuri Group Limited ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර එළඹ තිබෙන ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් Masuri වෙළඳ නාමය සහිත ක්‍රීඩක හෙල්මට් පැලඳීම අනිවාර්ය වේ.

“Masuri ආයතනය තුන්වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ක්‍රීඩකයින්ගේ නිල හෙල්මට් අනුග්‍රාහකයින් ලෙස කටයුතු කිරීමට කැමති වීම ඉතාමත් සතුටට කරුණක් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සඳහා අදහස් දක්වමින් පවසා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ තිබෙන ගිවිසුම තවදුරටත් අලුත් කර ගැනීමට හැකි වීම පිළිබඳව අපිට ගොඩක් සතුටුයි. මෙමඟින් අපේ ආයතනයට විශාල වටිනාකමක් ලැබෙනවා ඒ වගේම හොඳ වෙළඳ ප්‍රචාරණයක් ලැබෙනවා. 

Masuri හෙල්මට් නිෂ්පාදනයේ දී අපි ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් ලබා දෙමින් අපේ නිර්මාණ නිර්මාණය කරන්නේ ඉහළම මට්ටමේ අමුද්‍රව්‍ය යොදාගෙනයි” යැයි Masuri Group Limited හි කළමනාකරණ අධ්‍යක්ෂක Sam Miller මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<