Monday, October 19, 2020

පොලිස් නිලධාරියෙකුගේ හයිය අරන් පුද්ගලයෙකුට පහර දුන්න ත‍්‍රීවිල් රියදුරන් තවමත් නිදැල්ලේ.


වරදක් කරන ලද බවට, සැකකරන පුද්ගලයෙකුට පොලීසියේ ආවරණය යටතේ පුද්ගලයින්ට පහර දීමට ඉදිරිපත් වූ ත‍්‍රීවිල් රියදුරන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ නෑ.

පොලීසිය අල්ලන්නේ නැත්තේ රවීලා, සම්පායෝලා, රාජිතලා, බදුර්දීන්ලා පමණක් නොවෙයි. 

මිනීමැරුම් චෝදනාවලට අත්අඩංගුවට ගන්න ඉන්න පොලිස්කාරයෙක් තවමත් නිදැල්ලේ. අවු: 20 කට ආසන්න කාලයක සිට, නීතිපති ට ඒවා පේන්නේ නෑ.

මේ ආසන්නතම සිද්ධිය. මේ පුද්ගලයාට තියේනනේ, අ.පො.ස. (උ/පෙළ) විභාගයට ලියා, බස් රථයෙන් ගෙදර යමින් සිටි, පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කරන්න හැදු බවට වන චෝදනාවක්.

ඇයගේ පියා, පොලිස් නිලධාරියෙක්. මේ බව ඇය බස් රථය තුළදීම, අදාළ පුද්ගලයාට පවසා ඇත.

මෙම පුද්ගලයා හා ශිෂ්‍යාව බැස ඇත්තේ එකම තැනින්ය. මොහු එතැන සිට ත‍්‍රීවාලයක නැගී යන විට, ඒ පසු පසින් හඹා එන ලද තවත් ත‍්‍රීවිල් පහක්, ඔහු ගමන් ගත් ත‍්‍රීවිල් එක හරස් කර නවත්වා, ඔහුව ඇද එළියට අරන් පහර දී පොලීසියට බාරදී තිබේ. 

පොලීසිය, පොලිස් නිලධාරියාව ද, ඔහුගේ දියණියව ද පොලීසියට ගෙන්වා ප‍්‍රකාශ ගෙන තිබේ. 

තමාට ත‍්‍රීවිල් රියදරන් පිරිසක් පහරදුන් බව ප‍්‍රකාශ කිරීමට පොලීසිය ඔහුට ඉඩ දී නැත. එහෙත් මේ සියල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ප‍්‍රකාශ කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ විට, සියල්ල ප‍්‍රකාශ කර ඇත. අධිකරනය ඔහුව මුදාහැර ඇත්තේ, සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර, පුද්ගලික ඇපය මත ඔහුව මුදාහැරීමටය.

සංවිධානාත්මකව, රංචු ගැසී කරන ලද මෙම පහර දීම සම්බන්ධව, මේ වන තෙක් පොලීසිය, ත‍්‍රීවිල් රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගෙන නැත.

මොහු සියලූ විස්තර අන්තර්ගත ලිඛිත පැමිණල්ලක්, කොට්ඨාශ බාර ස්ථානාධිපති, එනම් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇත.

මෙ සිදුවීම පානදුර දකුණ පොලිස් වසමේ, කුරුස හංදිය නමින් ප‍්‍රකට ස්ථානයේ 2020.10.14 වන දින දහවල් 11.30 ට පමණ සිදුව තිබේ.

සටහන:
මෙම නීති විරෝධී බියගුලූ ක‍්‍රියාවන්වල පොලීසිය යෙදුනේ, අද ඊයේ නොව, පොලීසිය මෙ රටේ බිහි කරපු දා සිටය.

මෙම තත්ත්වය අවම කර ගත හැක්කේ, ජනතාවගේ මැදිහත්වීම මත පමණි.



 

No comments:

Post a Comment