නැගෙනහිර පළාතේ ක්‍රිකට්වලට නව බලාපොරොත්තුවක්

1059

ශ්‍රී ලංකා නැගෙනහිර පළාතේ පළමු ක්‍රිකට් තණතීරුව සහිත ක්‍රීඩා පිටිය මේ වන විට පුද්ගලික අංශයේ සමාගමක් විසින් මඩකලපුවේ Koddaimunai ප්‍රදේශයේ දී ඉදිකරමින් පවතියි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය වර්ග කිලෝමීටර් 9,996ක් පුරාවට විහිදී තිබෙන නමුත් ටර්ෆ් තණතීරුවක් සහිත කඩුල්ලක් සමඟ දැනට තිබෙන එකම ක්‍රීඩාංගණය මෙයයි.

2016 වසරේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම ක්‍රීඩා පිටිය අක්කර 10ක භූමි භාගයක් පුරාවට ව්‍යාප්ත අතර තණතීරුවේ සිට මීටර 83ක දුරක් දුරට තණතිල්ල  ප්‍රදේශය පිහිටා ඇත. එසේම ක්‍රීඩා පිටියේ තණකොළ සඳහා සහ ඉදිරි නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා ගැනීම වෙනුවෙන් පොළව හරහා රැගෙන යනු ලබන sprinklers 98ක් ද මෙහි අන්තර්ගතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

මෙම ක්‍රීඩා පිටිය ගොඩනැංවීම සඳහා අවශ්‍ය අරමුදල් මූලික වශයෙන් ලබා දී ඇත්තේ Koddaimunai ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලාංකිකයෙකු වන පුවනසිංහම් වසීරන් මහතා විසිනි. වසීහාරන් මහතා මේ වන විට එක්සත් රාජධානියේ වෙසෙන අතර ඔහු AKV Serive Limited නම් සමාගමක අධ්‍යක්ෂවරයෙකි. ඔහු දානපතියෙකු වන අතර ඔහුගේ උපන් ගම වන මඩකලපුවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඔහු විසින් මේ අරමුදල පිහිටුවා ඇත.

මෙම ක්‍රීඩාංගණය ඉදිකිරිම සඳහා ඉඩම ලබා දී ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය විසිනි. මෙවැනි  දුෂ්කර සහ දැඩි හිරු රශ්මියක් පතිත වන මේ  ප්‍රදේශයේ ඉදිවන මෙම ක්‍රීඩා පිටිය ඉදිරි වසර 10 තුළ ජාත්‍යන්තර මට්ටමේ ස්ථානයක් බවට පත් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.

මෙම ස්ථානය ඉන්දියානු සාගරයට ආසන්නව පිහිටා තිබෙන අතර ඉදිරියේ දී දියුණු වෙන නැඟෙනහිර කලාපයේ ක්‍රීඩා සංචාරක ක්‍ෂේත්‍රය සඳහා මෙම ස්ථානය ඉතාමත් ආකර්ෂණීය ස්ථානයක් සහ මූල්‍යමය වටිනාකමක් සහිත ස්ථානයක් බවට පත් කිරීමට Koddaimunai ක්‍රීඩා ගම්මානයේ සාමාජිකයින් බලාපොරොත්තු වේ.

“Koddaimunai ක්‍රීඩා ගම්මානයේ සැලසුම වන්නේ මේ ක්‍රීඩා පිටිය මුල් කරගෙන මේ ප්‍රදේශයේ ඉන්න දරුවන් වෙනුවෙන් ඇකඩමියක් නිර්මාණය කර ලෙස අඩු වයස් කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම විශිෂ්ට පහසුකම උපයෝගී කර ගනිමින් කලාපයෙන් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට සහ ලෝකයට බිහි කිරීම අපේ ලොකුම අරමුණ වෙලා තියෙනවා” යැයි Koddaimunai ක්‍රීඩා සමාජයේ ලේකම් පී. ජෙයබාලන් මහතා පැවසීය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන චමින්ද වාස්, උපුල් චන්දන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුවේ සාමාජික චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් පසුගිය දා මෙම ක්‍රීඩා පිටිය සඳහා පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කරමින් එහි ක්‍රිකට් ඇකඩමියේ සිටින ළමුන් සමඟ පැය කිහිපයක් කාලය ගත කරන ලදි.

“මෙහි ඉදිකිරීම් අවසන් වූ පසු, මෙය ඊසාන දිග කලාපයේ හොඳම ක්‍රීඩාංගණයක් බවට මේක පත්වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා” ප්‍රවීණ වමත් ක්‍රීඩක චමින්ද වාස් අදහස් දැක්විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<