මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 10, 2020

නොපිරවෙන හිස්තැන් .... යශෝධා සම්මානි ප්‍රේමරත්න ........ රේඩියෝ කෙටිකථා ......

 සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුණා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුණා.


නාන කාමරය තුළින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.

රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැඟුණු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුණෙ ලොවි රතුපාට ඇස් දෙකක්.

උරහිස් මත පිපුණු කුඩා දිය බිංදු පිහදාන්න කරදර නොවී මම සෝෆාවේ වැතිරුණා. අංක දාහත චැනලයේ ජපන් භාෂාවෙන් ෆූජි කන්ද ගැන වාර්තා වැඩසටහනක් විකාශය වෙමින් පැවතුණා.

"ගුඩ් මෝර්නින්!"

මම මේ මොහොතේ ඉඳන් ඉදුනු මිදි පාට වයිබර් සල්ලාපයන්ට මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්නවා.

"අපිට දැන් හැන්දෑව. නගරය පුරාම කළාමැදිරි එළි වගේ නියොන් එලි තිත් විසිරෙන්නට අරන්."

"ඒ වුනාට මට මෝනින්."
 එයා ඩිජිටල් වෙලාව දක්වනයක පින්තූරයක් එව්වා. උදෑසන හතයි දාහතයි.

මම ටැබ් තිරයේ ඉහළ කෙලවරට ඇස් දිවෙව්වා, හවස හයයි දාහතයි.

"එකම වෙලාවක ලෝකයේ දැතැනකදි, එකම දවස ඉපදෙන්නත්, මැරෙන්නත් පුලුවනි." මම ස්කයිප් කවුළුවෙන් එබෙමින් කිව්වා.

මුලින් තිරය පුරා දිස්වුනේ බොඳව ගිය දුඹුරු පැහැයක්. ඉන් පස්සෙ පොරෝණා ප්‍රාවරණයක් තුළින් රත් පැහැ හිසකේ ඇති කෙල්ලෙක් ස්කයිප කවුළුවෙන් හිස පෙව්වා.

"පේනවනේ, මිනිස්සු වෙනස් වෙනවා."

ඈ සමනල් පියාපත් ටැටූවක් කෙටූ අත්ල මිටි කරගෙන, දබරැඟිල්ල තිරය දෙසට ලෙලවමින් කිව්වා.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව    ..........නොපිරවෙන හිස්තැන් .... 



ගීත ගායනය - මංජුලා වික්‍රමරත්න 

හඩ මුසුව - අනුරුද්ධ වැලිගමගේ සමග නිරෝෂා ගමගේ




මින් පෙර අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් ඔබ අත්විදි ඇගේ තවත් කතා

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ බස්සිගේ ආදර අන්දරයෙන් ..........


http://ahasgawwenehalokaya.blogspot.com/2019/11/blog-post_30.html

ඒක වැදගත්ද ?.....රේඩියෝ කෙටිකතා .... යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )


http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_10.html




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   බ්ලොග් අඩවියට යන්න.

බස්සිගේ නවාතැන

රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
http://bassigenawathana.blogspot.com/






ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments: