LPL ආයිත් කල් යයි

1297

මේ වසරේ නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ ඇත්තේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. 

එමෙන්ම මෙලෙස දින කිහිපයකින් තරගාවලිය කල් දැමීම සිදුකර ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ට ද පහසුවක් වන නිසාවෙනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න; 

“අයි. පී. එල්. තරගාවලිය නොවැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන නිසාවෙන් LPL තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට විරාමයක් ලබාදිය යුතු බවට අපි තීරණය කළා. ඒ නිසා අයි. පී. එල්. තරගාවලිය සඳහා සහභාගී වී සිටින, එල්. පී. එල්. සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට තරගාවලියේ මේ වෙනස පහසුවක් වේවි.” යැයි LPL තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේය. 

තරගාවලියේ දින වෙනස් වීම මත ඔක්තෝබර් මස 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා කල් දමා ඇති අතර එල්. පී. එල්. තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් පහට විදේශීය ක්‍රීඩකයන් හය දෙනා බැගින් මිලදී ගැනීමේ හැකියාව ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<