Monday, September 28, 2020

බොරිස් ජොන්සන්ගේ කොරෝනා පාලන නීතිය වලින් මරණ වැඩි වේවි.

මේ වන විට covid - 19 වැළඳුණු ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 33 කි. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 0.04% සුව වු ප්‍රමාණය 60% (24,411,772) කිමියගොස් තිබෙන සංඛ්‍යාව 998,747 ඉක්මවා තිබේ. කොරෝනා ව්‍යාප්තිය මර්දනයට යුරෝපා රටවල් යළිත් නිරෝධායන නීති ගෙන ඒමට පියවර ගෙන ඇත.

 එංගලන්තයේ මේ වන විට රෝගීන්ගේ සංඛ්‍යාව 429.277 ඉක්මවා ඇත. ‍ප්‍රංශයේ එම සංඛ්‍යාව 527,446 කි. අසල්වැසි ඉන්දියාවේ රෝගීන්ගේ සංඛ්‍යාව 5,992,532කි.  අපේ රටේ සංඛ්‍යාව 3,349 කි. අපේ රටේ විශේෂත්වය වන්නේ සමාජය තුළින් රෝගීන් හමු නොවීම පමණකි. රෝගින්ගේ සංඛ්‍යව අනුව ගත් කළ රටවල් 215 අතරින් අප පසුවන්නේ 139 වන ස්ථානයේය. ලෝක සෞඛ්‍යය සංවිධානයට හා විශේෂඥයන්ට අනුව කෝවිඩ්-19  අවදානම කිසිසේත්ම අඩු වී නැත.

රුසියාව හා චීනය සොයාගෙන තිබෙන එන්නත එම රටවල භාවිතයට ගෙන තිබේ. නමුත් යුරෝපය රටවල බහුජාතික ඖෂධ සමාගම් වල බලපෑමට යටත්ව එම එන්නත පිළිබඳව සෘණාත්මක ප්‍රචාරයන් ප්‍රධාන ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබයි.

එංගලන්තය පුරා යළිත් වරක් හිස එසවීමට පටන්ගෙන තිබෙන කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එරට අගමැති බොරිස් ජොන්සන් හඳුන්වාදෙන ලද දැඩි නිරෝධායන නීති හා නියෝග මගින් එරට මරණ සංඛ්‍යාව වැඩි වී ඇති බවට විශේෂඥයින් ප්‍රකාශ කරයි. විශේෂයෙන් හෘදයාබාධ රෝගීන් මෙම තත්වය තුල 75,000 කට අධික සංඛ්‍යාවක් නිවෙස් තුළ දී මිය යනු ඇති බවට ගණන් බලා තිබේ. 


 

No comments:

Post a Comment