මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, September 22, 2020

රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් .....අනුරුද්ධ වැලිගමගේ.....රුපවාහිනී ළමා ගීත....

 



රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින්

රෑන් පිටින් වී පැදුරට එන්ට එපා කුරුල්ලනේ

රෑන් දිගේ රෑන් පිටින් ආයෙත් යන්නේ

රෑන් රෑන් රෑන්පි ටින් ආයෙත් යන්නේ

 

ගතවූ සිව් මස තිස්සේ වැගිරූ දහඩිය ඉස්සේ

අප්පච්චිගේ මහන්සියේ පංගුව පමණයි ඇත්තේ

ඉර මාමා මුවා නොකර වලා පොකුරු අස්සේ

වේලු හොද වී පැදුරයි මගේ ඉදිරියේ ඇත්තේ

 

රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් ......

 

බේත් ගන්න වෙද මාමා ගාවට ගිය අය එනතුරු

සාත්තුවට පොඩි මල්ලිගේ ගිය අපේ අම්මා එනතුරු

වී ටික වේලාගන්නට පුංචි මෙමට ඉඩ එනතුරු

තටු ගහලා ගියොත් හොදයි  හිතට දුකක් නොම එනතුරු

 

රෑන් පිටින් ඉගිල්ලෙමින් මහ හඩ දී තටු ගසමින් ......

 

අනුරුද්ධ වැලිගමගේ


1991 ජුනි 14 දින හවස 5.30 ජාතික රූපවාහිනියේ උදාර වැඩසටහනින් විකාශය විය .




ගායනය - සජීවා කරුණාරත්න , රසික ප්රබෝදන       සංගීතය - නුවන් තීක්ෂණ

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


4 comments:

  1. සුන්දරයි! ආඩම්බරයි!!

    ReplyDelete
  2. මේක ඔයා ලියපු එකක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දවස්වල මගේ නම භාවිතා වුනේ අනුරුද්ධ හරිස්චන්ද්‍ර නමින් . මේ ඒ ගී අතරින් මා සතුව ඇති පිටපත් https://www.youtube.com/watch?v=MzpxVV8ujDg

      Delete