HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තායිලන්තයෙන් සොයා ගෙන ඇති මිහිමත ඇවිදින මාළු!

මීට වසර හතරකට විතර ඉස්සර, 2016දී, තායිලන්තයේ ලෙනකින්, විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා, මිහිමත ඇවිද්ද ලෙන් අසර මස්සෙක් (cave angel fish). එදා මෙදා තෙක් එවැනි හැකියාවක් ඇති මත්ස්‍ය විශේෂ 11ක් ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා. ඔවුන්ගේ විමර්ශනයට ලක් වුණා, තායිලන්ත කඳුකරයේ දොළ පාරවල වෙසෙන මසුන් විශේෂ 30ක් පමණ. ඒ මසුන්ගේ ශ්‍රෝණිවල ව්‍යුහයන් විශ්ලේෂණය කිරීමෙන් තමයි, ඔවුන් මේ බව හෙළිදරවු කර ගෙන ඇත්තේ. 2016 දියි. ඒ අධ්‍යයන වාර්තාව දැන් ප්‍රසිද්ධ කර තියෙනවා
 
කඳුකරයේ දිය පාරවල මසුන් විශේෂ 30කගේ පමණ ශ්‍රෝණි ව්‍යුහයන් පිරික්සා බලා විද්‍යාඥයන් සොයා ගත්තා, 2018 දී හමු වූ අන්ධ ලෙන් අසර මස්සන්ට සමාන ඇවිදින මසුන් වර්ග 11ක් ඇති බව. සිටී ස්කෑන් යන්ත්‍රයක් මගින් ගත් මේ පිළිබිඹුවලින් පෙනුනා ඇවිදීමේ හැකියාව ඇති තුන් ආකාරයක ව්‍යුහයන් ඒ මසුන්ට තිබුණු බව.

තායිලන්ත ලෙන් ආශ්‍රිත ජලයෙහි හමුවූ ඒ මත්ස්‍යයා, ඇස් නොපෙනෙන දුර්ලභ ගණයේ එකෙක්. පර්යේෂකයන් විසින් මේ මාළුවා හඳුන්වා දී ඇත්තේ ක්‍රිප්ටොටෝරා තැමිකෝලා (Cryptotora thamicola) කියන විද්‍යාත්මක නාමයෙන්. එසේ සොයා ගනු ලැබූ, ඒ අන්ධ ලෙන් අසර මස්සාගේ ශ්‍රෝණි ව්‍යුහයට සමපාත වෙනත් මත්ස්‍ය විශේෂ ඇති බව, වැඩිදුර පර්යේෂණ මගින් හෙළි කර ගෙන තියෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදය හා තායිලන්තය එක්ව සිදු කළ ව්‍යාපෘතියකින්. ඒ සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේත්, නිව් ජර්සි තාක්ෂණික ආයතනයේත්, ලුසියානා රාජ්‍ය විශ්ව විද්‍යාලයේත්, තායිලන්තයේ මීජෝ විශ්ව විද්‍යාලයේත් විද්‍යාර්ථීන් පිරිසක් එක්වුණා. 

2016 දී තායිලන්තයේ ලෙන් ආශ්‍රිතව පළමුවරට සොයා ගනු ලැබූ ක්‍රිප්ටොටෝරා තැමිකෝලා නමින් හැඳින්වුණු ඉතා දුර්ලභ අන්ධ ලෙන් අසර මස්සා.

සීටී ස්කෑන් යන්ත්‍රයක ආධාරයෙන් ඔවුන් ඒ මසුන්ගේ ශ්‍රෝණි ව්‍යුහයන්වල පිහිටීම් රටා පරීක්ෂා කර බැලුවා. ඒ අනුව ප්‍රථම වතාවට, සිව්පාවුන්ට වාගේ ඇවිදීමේ හැකියාව ලබා දෙන ආකාර තුනකට, ඒ මත්ස්‍ය විශේෂ බෙදීමට ඔවුන් සමත් වුණා. ඒ මසුන්ගේ වරල්වලට ඇවිදීමේ හැකියාව ලබා දෙන ශක්තිමත් ත්‍රිකාස්ථියක් කොඳු ඇට පෙළ හා සම්බන්ධ වී තිබුණා. ඒ ත්‍රිකාස්ථිය පිහිටි ආකර තුන අනුවයි, මේ වර්ග කිරීම් සිදු කරනු ලැබුවේ. 

මේ පර්යේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ, ෆ්ලොරිඩා කෞතුකාගාරයේ කළමනාකාර ජීව විද්‍යාඥ සකාරි රැන්ඩල් කියන්නේ, ‘සාමාන්‍ය මසුන්ගේ කොඳු ඇට පෙළ හා ශ්‍රෝණිවරල් අතර කිසිම සම්බන්ධයක් නැහැ.’ කියායි. ඒ නිසා තමයි, වරල්වලට සම්බන්ධයක් ඇති, කොඳු ඇට පෙළක් ඇති, අන්ධ ලෙන් අසර මස්සා ඒ වර්ගයේ එකම මත්ස්‍යයා ලෙස ඔවුන් විසින් සලකනු ලැබුවේ. එහෙත් තවදුරටත් ඒ තායි කඳුකරයේ මසුන් විශේෂ පරීක්ෂා කරන විටයි, ඔවුන්ට මේ මත්ස්‍ය විශේෂ 11 හමුවුණේ. 

ඔවුන් දුටුවා මේ මාළුවා සැලමැන්දරාවකු මෙන් දිය ඇල්ලක පාෂාණ බෑවුමක් දිගේ ඉහළට නඟින අයුරු.

ඔවුන් මුලින් අන්ධ ලෙන් අසර මස්සා දුටුවේ දිය ඇල්ලක වූ ගල් පර්වතයක බෑවුමක් දිගේ ‘සැලමන්දරාවකු’ වාගේ පාද විහිදුවමින් ඉහළට නැඟ යන ආකාරයයි. සාමාන්‍යයෙන්, ඉහළ නඟින වෙනත් මසුන් ජලයෙන් පිටතට යන්නට ජලයේ තරංගයේ ඉහළ යාම හෝ චූෂණය හෝ ආධාර කර ගන්නවා. 

මේ පිරිස, ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවේ දක්වා ඇත්තේ, දකුණු ආසියාව පුරා කඳුකර ජලාශ්‍රිත ව වෙසෙන කාවයියන්ට සමාන ලෝච් (loach) මසුන් විශේෂ 100කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි. ඔවුන් අතරින් මේ අන්ධ ලෙන් අසර මස්සා (Cryptotora thamicola) පමණයි, සිවුපාවුන්ට සමාන ඇවිදීමේ සුවිශේෂ හැකියාවක් ලබා තිබුණේ. ඔවුන් වැඩිදුරටත් පර්යේෂණ කරමින් මේ සුවිශේෂ මාළුවාගේ අස්ථි පිහිටීමට සමාන තුන් ආකාරයක මසුන් ප්‍රභේද 11ක් ද සොයා ගෙන තියෙනවා. 

එක් විශේෂයක දිගු පටු කොඳු ඇට පෙළ සවි වී තිබු‍ණේ ශ්‍රෝණි තලයටයි. දෙවැනි කාණ්ඩයට ටිකක් ඝනකම ඇති මඳක් වක් වූ කොඳු ඇට පෙළක් තිබුණා. තුන්වැනි විශේෂයෙහි මුදුන් ඇට වඩා සවිමත් ලෙසට ශ්‍රෝණි තලයට සම්බන්ධ වී තිබුණා.

කඳුකරයේ දිය පාරවල මසුන් විශේෂ 30කගේ පමණ ශ්‍රෝණි ව්‍යුහයන් පිරික්සා බලා විද්‍යාඥයන් සොයා ගත්තා, 2018 දී හමු වූ අන්ධ ලෙන් අසර මස්සන්ට සමාන ඇවිදින මසුන් වර්ග 11ක් ඇති බව. සිටී ස්කෑන් යන්ත්‍රයක් මගින් ගත් මේ පිළිබිඹුවලින් පෙනුනා ඇවිදීමේ හැකියාව ඇති තුන් ආකාරයක ව්‍යුහයන් ඒ මසුන්ට තිබුණු බව. 

ඉතා ශක්තිමත් ත්‍රිකාස්ථි මගින් මේ මසුන්ගේ වරල් හා කොඳු ඇට පෙළ සවි වී තිබුණා, ඒ මගින් තමයි, ඔවුන්ට ඇවිද ගෙන යාමේ හැකියාව ලැබුණේ.

Post a Comment

0 Comments