ලංකා ප්‍රිමියර් ලීග් තරග කාලසටහන නිකුත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

22629

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) තරග කාලසටහන නිල වශයෙන් තහවුරු වී තිබෙන බව ThePapare.com වෙත වාර්තා වේ. 

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර දඹුල්ල, මහනුවර, කොළඹ, යාපනය සහ ගාල්ල ලෙස කණ්ඩායම් 5ක් සහභාගී වන තරගාවලියේ තරග හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ නවීකරණ කටයුතු තවමත් අවසන් වී නොමැති නිසාවෙන් එම ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වීමට අවස්ථාව නොලැබෙනු ඇත.

තවත් කියවන්න;

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වනු ඇත්තේ, කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් රජය සහ සෞඛ්‍ය අංශ බලධාරීන් ලබාගෙන තිබෙන තීන්දු නිසාවෙන් වුවත්, එය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

තරගාවලියේ සමාරම්භක උළෙල නොවැම්බර් මස 14 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව එදිනම රාත්‍රියේ දී තරගාවලියේ ආරම්භක තරගය පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත.

තරගාවලියේ නිල ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නමුත්, තවමත් නිල වශයෙන් කණ්ඩායම් නාමයක් සහ එහි අයිතිකරුවන් ප්‍රකාශ වී ඇත්තේ ගාල්ල කණ්ඩායමේ (Galle Gladiators) පමණි.

තරග කාලසටහන,

නොවැම්බර් 14 – ගාල්ල සහ කොළඹ – රාත්‍රි 8ට හම්බන්තොට දී

නොවැම්බර් 15 – මහනුවර සහ යාපනය – සවස 4ට හම්බන්තොට දී

නොවැම්බර් 15 – කොළඹ සහ දඹුල්ල – රාත්‍රි 8ට හම්බන්තොට දී

නොවැම්බර් 17 – කොළඹ සහ ගාල්ල – සවස 4ට හම්බන්තොට දී

නොවැම්බර් 17 – දඹුල්ල සහ යාපනය – රාත්‍රි 8ට හම්බන්තොට දී

නොවැම්බර් 18 – ගාල්ල සහ දඹුල්ල – සවස 4ට හම්බන්තොට දී

නොවැම්බර් 18 – කොළඹ සහ මහනුවර – රාත්‍රි 8ට හම්බන්තොට දී

නොවැම්බර් 21 – මහනුවර සහ යාපනය – සවස 4ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 21 – දඹුල්ල සහ කොළඹ – රාත්‍රි 8ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 22 – යාපනය සහ කොළඹ – සවස 4ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 22 – මහනුවර සහ ගාල්ල – රාත්‍රි 8ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 24 – යාපනය සහ කොළඹ – සවස 4ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 24 – ගාල්ල සහ මහනුවර – රාත්‍රි 8ට පල්ලෙකැලේ දී

නොවැම්බර් 27 – මහනුවර සහ දඹුල්ල – සවස 4ට දඹුල්ලේ දී

නොවැම්බර් 27 – යාපනය සහ ගාල්ල – රාත්‍රි 8ට දඹුල්ලේ දී

නොවැම්බර් 28 – දඹුල්ල සහ ගාල්ල – සවස 4ට දඹුල්ලේ දී

නොවැම්බර් 28 – මහනුවර සහ කොළඹ – රාත්‍රි 8ට දඹුල්ලේ දී

නොවැම්බර් 29 – දඹුල්ල සහ යාපනය – රාත්‍රි 8ට දඹුල්ලේ දී

දෙසැම්බර් 1 – දඹුල්ල සහ මහනුවර – සවස 4ට දඹුල්ලේ දී

දෙසැම්බර් 1  – ගාල්ල සහ යාපනය – රාත්‍රි 8ට දඹුල්ලේ දී

දෙසැම්බර් 5 – පළමු අවසන් පූර්ව තරගය – සවස 4ට පල්ලෙකැලේ දී

දෙසැම්බර් 5 – දෙවන අවසන් පූර්ව තරගය – සවස 8ට පල්ලෙකැලේ දී

දෙසැම්බර් 6  – අවසන් මහා තරගය – රාත්‍රි 8ට පල්ලෙකැලේ දී

කෙසේ නමුත් ශ්‍රී ලංකා ගුවන් තොටුපල තවමත් සාමාන්‍ය ලෙස සිය වැඩකටයුතු ආරම්භ කර නොමැති වීම තරග සංවිධායකයින් හට තවමත් නොවිසුදුණු ගැටලුවක් බවට පත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<