LPL එකට පාකිස්තානයෙන් 24ක්

ලංකා ප්‍රිමියර් ලීග් 2020

3902

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වේ. එහි ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 420කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර ඇති අතර එහි අවසන් ක්‍රීඩකයින් 150 දෙනා අතර පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙකු සිටින බව වාර්තා වේ.

එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 බැගින් තරග වදිනු ලබන කණ්ඩායම් 5 සඳහා විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 65 දෙනෙකු තෝරා ගැනීම සඳහා වන LPL ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

තවත් කියවන්න

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගි වීමේ උනන්දුවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සැමී, ඩැරන් බ්‍රාවෝශහිඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටොව්, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නැන් ෆිලෙන්ඩර් ඒ අතරින් කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.

මේ විදෙස් ක්‍රීඩකයින් 150 තුල අසල්වැසි ඉන්දියාවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් සිටින අතර පාකිස්තානයේ ක්‍රීඩකයින් 24 දෙනා අතර ඉහළම මුදලකට කාණ්ඩගත වී තිබෙන පාකිස්තානු ක්‍රීඩකයා වන්නේ ශහීඩ් අෆ්රිඩි වේ.

ඔහු Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා වන අතර ඔහු ඇමරිකන් ඩොලර් 60,000 කාණ්ඩයේ සිටින ක්‍රීඩකයෙකි. ඊට අමතරව එම කාණ්ඩය සඳහා වර්ගීකරණය වී සිටින ක්‍රීඩකයින් අතර ෆෆ් ඩු ප්ලේසි සහ ක්‍රිස් ගේල් දෙදෙනා ද සිටින බව වාර්තා වේ.

අෆ්රිඩිට අමතරව පාකිස්තානය නියෝජනය කරමින් ශොයිබ් මලික් ($50,000), මොහොමඩ් අමීර් ($40,000), මොහොමඩ් හෆීස් ($40,000) සහ වහබ් රියාස් ($40,000) ඇතුළු ප්‍රබල පාකිස්තානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉහළ වටිනාකමක් තිබෙන කාණ්ඩ සඳහා වර්ගීකරණය වී ඇත.

එසේම එම ක්‍රීඩකයින් පස් දෙනාට අමතරව සෆ්රාස් අහමඩ්, කම්රන් අක්මාල්, ෂර්ජිල් ඛාන්, මොහොමඩ් ඉර්ෆාන්, යසීර් ෂා, ඉමාම්-උල්-හක්, හැරිස් සොහෙයිල්, මොහොමඩ් සාමි, උමාර් ගුල්, මොහොමඩ් අබ්බාස්, සොහයිල් තන්වීර්, ජුනයිඩ් ඛාන්, ඉමාඩ් වසීම්, අන්වර් අලි, මොහොමඩ් නවාස්, Hussain Talat, අසීෆ් අලි, ඉෆ්තිකාර් අහමඩ් සහ රූමන් රයිස් වැනි ක්‍රීඩකයින් ද සිටියි.

දේශීය තරග පිටියේ නියැළෙන ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ටත් නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම විස්සයි-විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොට දී පැවැත්වීමට දැනට සැලසුම් යොදා තිබේ.

geosuper ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<