මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 5, 2020

මං එතකොට මගෙ දූගේ කොණ්ඩේ ගොතනවා....කවි.....අනුරුද්ධ වැලිගමගේ.....


Image result for Mother & daughter

 පාට වැටුණු හැන්දෑවක
 ඉර රත පිරි සුදු වෙරළක
 සිගිති දෝණි මා පස්සෙන්
 දුවගෙන එනවා .
 මගේ හිතින් මං හනිකට
 ගම් රට යනවා

සුදු ගවුමක ටයි පටියක
සේයාරූ මුහුණු පොතේ
පාසැල් යනවා
මගේ හිතින් මං ආයෙත්
අකුරු කරනවා (පාසැල් යනවා )


ලස්සන සුදු බෝනික්කෙක්
ඩිජිටල් සල්පිල ඇතුලේ
ඇස් උදුරනවා
මං එතකොට මගෙ දූගේ
කොණ්ඩේ ගොතනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for Mother & daughter in beach

සේයාරූ


 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම මගේ කණගාටුව.  


Image result for Mother & daughter

No comments:

Post a Comment