මුරලි එක්ක වැඩේ ටිකක් අමාරුයි – සංගා

248
Kumar Sangakkara

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මීට වසර පහකට පමණ උඩදී වුනත් තවමත් ඔහුගේ ක්‍රීඩා විලාශය ගැන දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් කතාබහ කරනවා.

හොඳම කඩුලු රකින්නෙකු, සුපිරි පිතිකරුවෙකු මෙන්ම හොඳ නායකයෙකු ද වූ සංගක්කාර, 2009 වසරේ පැවති ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙන්ම 2011 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය දක්වා ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගෙන යන්නට සමත් වුනා.

LPL ආයෙත් කල් යයි

ශ්‍රී ලංකාව එම ලෝක කුසලාන දෙකම අවාසනාවන්ත ලෙස පරාජය වුනත් 2014 වසරේ පැවති ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඔහුගේ පිත්තෙන්ම ශ්‍රී ලංකාවට දිනා දුන් සංගක්කාර, වසර ගණනක් ශ්‍රී ලංකාවට තිබුණු ‘ලෝක කුසලාන පිපාසය’ සංසිඳුවන්නට සමත් වීම විශේෂත්වයක්. 

හිටපු නායක මහේල ජයවර්ධන සහ වමත් පිතිකරු කුමාර් සංගක්කාර වසර දහයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ කොඳුඇට පෙළ වුනා. බොහෝ විචාරකයින් පවසා සිටියේ විශ්‍රාම නොගත්තා නම් සංගක්කාරට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තවත් වසර කිහිපයක් ක්‍රීඩා කිරීමට හැකියාව තිබුණු බවයි. 

පිතිකරණ සාමාන්‍ය 57.40ක් ලෙස පවත්වා ගනිමින් ටෙස්ට් ලකුණු 12,400ක් රැස්කර ගෙන සිටි සංගක්කාර, වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු එක්දින තරග 404ක දී සචින් ටෙන්ඩුල්කාර්ට පමණක් දෙවැනි වෙමින් රැස්කර ගෙන ඇති ලකුණු ගණන 14,234ක්. 

මේ දත්තවලින් සංගක්කාර වත්මන් යුගයේ හොඳම ක්‍රිකට් පිතිකරුවෙකු බව මනාව පැහැදිලි වෙනවා. 

කොරෝනාවලට පසුව පළමු දේශීය ශතකය පොඩි කුසල්ගෙන්

කෙසේ වෙතත් ලොව හොඳම පිතිකරුවන්ටත් හිසරදයක් වූ පන්දු යවන්නන් සිටියා. මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති වන සංගක්කාර, පසුගියදා ක්‍රිකට් රසිකයින් සමඟින් සාකච්ඡාවකට එක්වෙමින් තමන්ට මුහුණ දීමට ඉතා අපහසු වුනු පන්දු යවන්නන් ගැන පවසා සිටියා. 

ඒ ලැයිස්තුවේ ආසියානු වමත් වේගපන්දු යවන්නන් දෙදෙනෙක් සිටියා. ඒ පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් සහ ඉන්දීය ක්‍රීඩක සහීර් ඛාන්. 

“වසීම් අක්‍රම්ට මුහුණ දෙන එක නරක හීනයක් වගේ. සහීර් ඛාන්ට එරෙහිවත් මම ගොඩක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහුත් මුහුණ දෙන්න හරි අමාරු පන්දු යවන්නෙක්” යැයි සංගක්කාර පවසා සිටියා. 

කඩුලු රකින්නෙකු ලෙස තමාට ඉතාම අමාරු වූ පන්දු යවන්නා කවුදැයි විමසූ විට ඔහුගේ පිළිතුර වුනේ මුත්තයියා මුරලිදරන්.

ෂෙවාග්, යුස්වේන්ද්‍රට හිනාවෙයි

“කඩුල්ල පිටුපස ඉන්නකොට ඉතාම අමාරු වුනේ මුරලි එක්ක. ඔහුගේ වෙනස්කම් හා පන්දුව දඟ කැවීම එක්ක ශ්‍රී ලංකාවේ දේශගුණයත් එකතු වුනාම මුරලිට කඩුලු රැකීම ශාරීරික වගේම මානසික ශක්තිය ද අභියෝගයට ලක්කළා. ඒ නිසාම තමා ඔහු ලොව අංක එකේ පන්දු යවන්නා වෙන්නේ” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසා සිටියා. 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<