LPL ආයෙත් කල් යයි

471
LPL 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

 ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තරගාවලිaය පැවැත්වීම සඳහා ඇති සෞඛ්‍යමය අවදානම විමසා ඇති අතර එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රීඩකයින්ට තිබෙන නිරෝධායන කාලය ප්‍රමාණවත් නොවීම සහ අනෙකුත් සෞඛ්‍ය අවදානම් නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙන අතර ඒ අනුව කල් දැමුණු තරගාවලිය මේ වසරේ නොවැම්බර් තෙවැනි සතියේ සිට දෙසැම්බර් අවසානයට පෙර පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියි.

අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ තරගාවලිය සඳහා අවසර ඉල්ලුවා. හැබැයි මේ තරගාවලිය අපි පවත්වන්න හිටියේ අගෝස්තු 28, ඒක නිසා දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කරමින් මේ තරගාවලිය පවත්වන්න බැහැ. ඒක නිසා මේ තරගාවලිය නැවත වතාවක් කල් දැමීමට අපිට සිදු වුනා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා News Wire වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබේ.

 කොරෝනාවලට පසුව පළමු දේශීය ශතකය පොඩි කුසල්ගෙන්

කණ්ඩායම් 5ක් එකිනෙකා සමඟ තරග වදින, තරග 23කින් සමන්විත LPL තරගාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා මෙරට ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4ක් වන දඹුල්ල, සූරියවැව, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එහි සංවිධායකයින් මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයින්, කණ්ඩායම්වල අයිතිකරුවන්, විකාශන අයිතිකරුවන්, තරග කාලසටහන හෝ කණ්ඩායම්වල සංචිතගත වී සිටින ක්‍රීඩකයින් කවුරුන් ද යන්න තවමත් නිල වශයෙන් පවසා නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියේ ජාත්‍යන්තර නිෂ්පාදන අයිතිවාසිකම් සඳහා Innovative Productions Group (IPG) ආයතනය සමඟ ඉදිරි වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී තිබෙන බව වාර්තා වේ.  ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<