සත් සාමාජික සුපිරි තරුව CR කණ්ඩායම හැර යයි!

223

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු මෙන්ම ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කරන අතිදක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු ද වන දිනුක් අමරසිංහ එළඹෙන අන්තර් සමාජ රග්බි තරග වාරය සඳහා නැවත වතාවක් හැව්ලෝක් ක්‍රීඩා සමාජය සමඟ එකතු වීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.

මහනුවර සුක්කානම නැවතත් නයිජල්ට 

නිමාව දුටු තරග වාරයට පෙරාතුව වසර දෙකක කාලයක් පුරාවට හැව්ලොක් කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් දිනුක් පසුගිය වසරේ දී CR&FC කණ්ඩායම සමඟ එකතු වූයේ ඔහුගේ හැකියා දක්ෂතා තවදුරටත් මුවහත් කරගැනීමේ අරමුණෙනි. 

කෙසේ නමුත් අපේක්ෂා කළ අයුරින් සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ නිසාවෙන් තමන් ගත් තීරණය සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බැලීමට ඔහු පෙලඹ තිබෙන්නේ තමන්ට හුරු පුරුදු ක්‍රීඩා සමාජය දෙසට නැවත වතාවක් නැඹුරු වෙමිනි. 

CR කණ්ඩායමේ මන්දගාමී තරග රටාව සහ අවදානම් සහගත ක්‍රමෝපායන් අත්හදා බැලීමට මැළිකමක් දැක්වීම වැනි සාධක කිහිපයක් දිනුක්ගේ ක්‍රීඩා ශෛලිය සමඟ නොගැළපුණු නිසාවෙන් එය ඔහු නැවත වතාවක් හැව්ලොක් කණ්ඩායම සමඟ එකතු වීමට හේතුපාදක වූ බවට අනුමාන කළ හැක. 

මහ සභා රැස්වීම අවසන්; මහනුවර සභාපති අසුන නොවෙනස්

ඉහත සඳහන් කළ උපක්‍රමයන්ට හාත්පසින්ම වෙනස් සැලසුම් දියත් කරන හැව්ලොක් ක්‍රීඩා සමාජය දිනුක්ගේ හැකියා දක්ෂතා ඉස්මතු කිරීමට සුදුසුම ස්ථානය බව නිසැකවම කිව හැක්කේ ඔහු එම කණ්ඩායම වෙනුවෙන් තරග වැදි කාලසමයේ දී ක්‍රියාවෙන්ම එය ඔප්පු කර පෙන්වූ බැවිනි. 

හැව්ලොක් කණ්ඩායමේ සිටි තරග දිනවන්නන් අතරින් ප්‍රධානතම බලකණුවක් ලෙස දිනුක් හඳුන්වා දිය හැක්කේ එකල කණ්ඩායමේ වැඩිම උත්සාහක දිනුම්ලාභීන් අතරින් ඉහළින්ම ඔහුගේ නම කියැවුණ බැවිනි.

තමන්ට හුරු පුරුදු සඟයින් සමඟින් යළිත් වතාවක් ක්‍රීඩා කිරීමට ලැබීම සම්බන්ධයෙන් දිනුක් අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.

ලොකු සතුටක් දැනෙනවා මොකද මට  හුරු පුරුදු මගේ පරණ ක්‍රීඩා සමාජයටම ආයිත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන. මට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මගේ ශක්තීන් අඳුන ගෙන ඒ අනුව තරග සැලසුම් සකස් කරන්න. මම හිතනවා ඒක නිසා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු දෙයක් මගේ පැත්තෙන් කරන්න පුළුවන් වෙයි කියලා.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<